Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වව්නියාව මහරෝහලේ වෛද්‍යවරු හා කාර්ය මණ්ඩලය නිරෝධායනයට

  කොවීඩ් 19 වෛරසිය වැළඳුනු කාන්තාවකට ප්‍රතිකාර කල වවුනියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරුන් පස්දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලය අද (27) සිට නිර...

 


කොවීඩ් 19 වෛරසිය වැළඳුනු කාන්තාවකට ප්‍රතිකාර කල වවුනියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ වෛද්‍යවරුන් පස්දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලය අද (27) සිට නිරෝධායනයට යොමුකළ බව වවුනියාව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

වවුනියාව , උළුක්කුලම ජනඋදාගම්මානයේ කාන්තාවක කොවිඩ් 19 වයිරසය ආසාදනයවී මියයෑමත් සමඟ ඇය ප්‍රතිකාර ලැබූ වව්නියාව රෝහලේ  පිරිසක් මෙලෙස නිරෝධායනය කර තිබේ.

එහිදී ශල්‍ය වෛද්‍යවරයකු ඇතුළු වෛද්‍යවරුන් පස්දෙනකු  , හෙද කාර්ය මණ්ඩලය හා උපස්ථාන සෞඛ්‍ය සේවකයින් 18 දෙනකු ඇතුළු 23 දෙනකු එලෙස නිරෝධායනයට ලක්කොට ඇත.

ඊට අමතරව කොවීඩ් වෛරසය වැළඳී මිය ගිය කාන්තාව පදිංචි උළුක්කුලම් ජනඋදාන ගම්මානයේ පදිංචිව සිටින පුද්ගලයින් 40 දෙනෙකු පමණ නිරෝධායනය කොට ඔවුන් පී.සී.ආර් පරික්ෂණයන්ට යොමු කොට ඇති අතරම අදාල කාන්තාව ගමන් කරන ලද ස්ථාන සොයා මේ වන විටත් පරික්ෂණ අරඹා ඇති බවටද වව්නියාව මහජන සෞඛ්‍ය කාර්යාලය වැඩි දුරටත් පැවසීය.

No comments

Ads Place