Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංචාරක අමාත්‍යාංශය නව නිවහනකට

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංචාරක අමාත්‍ය කාර්යාලය ද ලබන වසරේ මුල් කාර්තුවේ සිට සංචාරක අමාත්‍යාංශය අලූතින් පිහිට වූ ඇසට් ආකේඞ් (Asset Arca...


ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංචාරක අමාත්‍ය කාර්යාලය ද ලබන වසරේ මුල් කාර්තුවේ සිට සංචාරක අමාත්‍යාංශය අලූතින් පිහිට වූ ඇසට් ආකේඞ් (Asset Arcade) ගොඩනැගිල්ලටම ගෙන යාමට තීරණය කල බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යාංශය එක් ස්ථානයකත් අමාත්‍ය කාර්යාලය තවත් ස්ථානයකත් පැවතීම නිසා ජනතාවට විවිධ දුෂ්කරතාවයන්ට පත්වීමට සිදුවන බැවින් එය සැලකිල්ලට ගනිමින් සංචාරක අමාත්‍යාංශය පිහිටි ස්ථානයේම සිය කාර්යාලය පිහිටුවීමට තීරණය කල බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ වනවිට ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුළුණේ 25 වන මහලේ පිහිටා ඇති සංචාරක අමාත්‍ය කාර්යාලය සඳහා විශාල මුදලක් වැයවීම හා ජනතාවගේ පහසුව සලකා මෙම තීරණයට එළඹි බවයි අමාත්‍යවරයා පවසා සිටිනේ.

මෙතෙක් රක්ෂණ මන්දිරයේ පිහිටි සංචාරක අමාත්‍යාංශය පසුගිය බදාදා සිට කොළඹ 01, යෝර්ක් වීදිය පිහිටි ඇසට් ආකේඞ් (Asset Arcade) ගොඩනැගිල්ලේ දෙවන මහලට රැගෙන ගොස් තිබේ.

No comments

Ads Place