Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස අනුෂ පැල්පිට පත් කෙරේ

  කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන අනුෂ පැල්පිට පත්කර තිබෙනවා.  2021 ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ...

 


කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන අනුෂ පැල්පිට පත්කර තිබෙනවා.  2021 ජනවාරි 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එම පත්කිරීම සිදුකර ඇත.


අනුෂ පැල්පිට මීට පෙර ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කරනු ලැබුවා. ඊට අමතරව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ආදී ධුරයන් රැසකද කටයුතු කර තිබේ. 


ඔහු ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ වෘත්තීය ගණකාධිකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙක් ද වනවා.

No comments

Ads Place