Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදුලිසැර වද්දා දළ ඇතෙකු මරාදමයි

  කිලිනොච්චිය කල්මඩුකුලම් ප්‍රදේශයේ සද්දන්ත දළ ඇතෙකු විදුලිසැර වැදීම හේතුවෙන් මිය ගොස් සිටයදී සොයාගත් බවටත් දළඇතාගේ මරණය සමබන්ධයෙන් සැකකරුවෙ...

 


කිලිනොච්චිය කල්මඩුකුලම් ප්‍රදේශයේ සද්දන්ත දළ ඇතෙකු විදුලිසැර වැදීම හේතුවෙන් මිය ගොස් සිටයදී සොයාගත් බවටත් දළඇතාගේ මරණය සමබන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය වනජීවි නිලධාරී කාර් යාලය පවසයි.

කල්මඩුකුලම් ප්‍රදේශයේ පිහිටි කුඹුරුයායක දළඇතා මිය ගොස් සිටියදී ප්‍රදේශවාසීන් දැක ධර් මපුරම් පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලීසිය විසින් ඒ පිළිබඳව කිලිනොච්චිය වනජීවි නිලධාරීන්ට දැනුම් දී ඇත.

අනතුරුව අදාල ස්ථානයට ගිය කිලිනොච්චිය වනජීවි නිලධාරීන් විසින් දළඇතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන ලද පරික්ෂණ වලදී හෙලි වී ඇත්තේ කුඹුර වටා ඇද තිබූ විදුලි කම්බි දල ඇතාගේ පැටලීම හේතුවෙන් දළ ඇතාට විදුලිසැර වද්දා මරණයට පත් කොට ඇති බවය.

මේ හේතුවෙන් අදාල කුඹුරුයායේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගැනීමට කිලිනොච්චිය වනජීවි නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.

මිය ගිය සද්දන්ත දළ ඇතා අඩි 07 ක උසින් යුත් වයස අවුරුදු 17 ක් පමණ වන තරුණ ජවසම්පන්න ඇතෙකු බවටත් දළ ඇතාගේ දළ දෙකද අඩි දෙකකට ආසන්න දිගින් යුතු වන බවට වනජීවි නිලධාරීන් පැවසූහ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (28) දින කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර මිය ගිය දළ ඇතාගේ අවසන් කටයුතුද අද දිනයේදී සිදුකිරීමට නියමිත බවට කිලිනොච්චිය වනජීවි නිලධාරීන් වැඩිදුරටත් පැවසූහ.

No comments

Ads Place