Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මූළු ලෝකයෙන්ම වදවී ගිය ගසක් ගම්පහින් සොයා ගැනේ. සොයාගත් වහාම මරණයට නියම කෙරේ.

  මේ වසරේ මැද   වන තුරුම විශ්වාස කෙරුනේ ශ්‍රී ලංකා ලෙගුමේ හෙවත් Crudia Zeylanica යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ශාක ප්‍රභේදය ලෝකයෙන්ම තුරන් ...

 


මේ වසරේ මැද වන තුරුම විශ්වාස කෙරුනේ ශ්‍රී ලංකා ලෙගුමේ හෙවත් Crudia Zeylanica යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ශාක ප්‍රභේදය ලෝකයෙන්ම තුරන් වී ඇති බවටය. නමුත් ලංකාවේ තරුණ ගවේෂකයින් තිදෙනෙකු විසින් එය එසේ නොවන බවත් බස්නාහිර පළාතේ ගම්පහ දිස්තික්කයේ මෙම වෘක්ෂයේ එක් වැඩුනු ගසක් නිරුපද්‍රිතව ඇති බවත් සොයා ගන්නා ලදි. ඒ සොයාගන්නා ලද ගස අඩි තිහක පමණ උසකින් යුක්තය.

මෙම ශාඛය මුලින්ම හදුනාගනු ලැබ ඇත්තේ 1868දී වන අතර අවසන් වරට නිරීක්ෂණය කර ඇත්තේ 1911 දී කළුතර ප්‍රදේශයෙනි. එහිදී එක් ගසක් පමණක් හදුනාගන්නා ලදුව ඉන්පසු වාර්තා නොවීම හේතුවෙන් IUCN රතු දත්ත පොත මගින් 2006දීත් පරිසර අමාත්‍යාංශය විසින් සකස් කළ ජාතික රතු දත්ත පොත මගින් 2012දීත් වදවී ගිය ශාඛයක් ලෙස ලැයිස්තු ගත කර ඉතිහාසයට එක්කර ඇත. ගම්පහ ප්‍රදේශයෙන් නැවත සොයා ගන්නා තුරු සජීවී ශාඛයක ඡායාරූපයක් හෝ නොතිබුණු අතර 1911දී අදින ලද චිත්‍ර සටහන් පමණක් සංරක්ෂිතව පැවතිනි. මේ තත්වය යටතේ මෙම ශාඛය තවමත් සජීවී ව පවතින බව දැනගැනීම පරිසර සහ ජෛව විද්‍යාත්මක කේෂ්ත්‍රයන්හි ඉමහත් සතුටට හේතුවිය.

නමුත් මේ සතුටට වැඩි ආයුෂ නොදෙමින් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම ගස කපා ඉවත් කිරීමට කටයුතු සම්පාදනය කරන ලද්දේ කොළඹ-නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කලාපය තුළ මෙම ගස පිහිටා තිබීම හේතුවෙනි. මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතියට අදාල පරිසර ඇගයීම් වාර්තාව සකස් කිරීමේදී මෙම ශාඛය හදුනාගැනීමට අසමත්ව ඇති අතර ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරන ලද කොන්දේසි සහිත අනුමැතිය මගින් ද මෙම මිලකළ නොහැකි ජෛව සම්පතේ ආරක්ෂාව සැළසී නොමැත.

මීට අමතරව මෙවැනි සම්පත් රැකබලාගැනීමට ජනතා මුදලින් නඩත්තු කරනු ලබන වනජීවී සංරක්ෂණ දේපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජී. සී. සූරියබණ්ඩාර ලිපියක් ලියමින් මාර්ග සංවර්ධන අධිකාරියට දන්වා ඇත්තේ අදාල ශාඛය මෙම ස්ථානයෙන්ඉවත් කර වෙනත් ස්ථානයක පුනස්ථාපනය කිරීම සදහා මැල්වත්ත ප්‍රොපටි ඩිවලොපර්ස් පුද්ගලික සමාගම වෙත පැවරීම සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නොමැති බවයි. මේ කිසිසේත් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නීතිමය වශයෙන් ලබාදිය හැකි අවසරයක් නොවන බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ පරිසර අනු කමිටුව අවධාරණය කරයි.

තවද මෙම ශාඛය ආරක්ෂා කරමින් අධිවේගී මාර්ගයේ සිතියම අදාල ස්ථානයේදී පමණක් වෙනස් කිරීමෙන් ඩොලර් මිලියන දෙකක පමණ ප්‍රමාණයකින් අධිවේගී මාර්ගයේ වියදම අඩුකරගැනීමට හැකිවන බවටද කේෂ්ත්‍රයට අදාල වෘත්තිකයෝ අනුමාන කරති.

No comments

Ads Place