Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංචාරක කර්මාන්තය නගා සිටුවන්න තවත් සංචාරකයින් පිරිසක් අද මවුබිමට

 මෙරට සංචාරක ව්‍යාපාරයේ නිරත මිලියන 2 කට ආසන්න පිරිසක් යළි නගා සිටුවීම යටතේ විදේශීය සංචාරකයන් සදහා රට නැවත විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අද ...


 මෙරට සංචාරක ව්‍යාපාරයේ නිරත මිලියන 2 කට ආසන්න පිරිසක් යළි නගා සිටුවීම යටතේ විදේශීය සංචාරකයන් සදහා රට නැවත විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අද සිට ආරම්භ වනවා. 


ඊට සමගාමීව දිවයිනට පැමිණීමට කැමැත්තෙන් පසුවන ශී‍්‍ර ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල තවදුරටත් සිදුකරන බවයි ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී වී චානක නෙත් නිවුස් වෙත පැවසුවේ.


ඒ අනුව නියමු ව්‍යාපෘතිය යටතේ යුක්රේනයේ සිට 200 කට අධික සංචාරකයින් පිරිසක් අද පස්වරුවේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත පැමිණීමට නියමිතයි. මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඉදිරියේදී විදෙස් සංචාරකයන් සදහා රට විවෘත කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.

No comments

Ads Place