Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් මල සිරුරු සම්බන්ධයෙන් විද්වත් කමිටුවේ තීරණය සැවොම පිළිගත යුතුයි - යුද හමුදාපතිවරයාගෙන් සැර කතාවක්

  කොරෝනා වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් ඒ සදහා පත් කළ විද්වත් කමිටුව ලබාදෙන තීරණයට සියළු පාර්ශව එකඟ විය යුතු බව යුද හ...

 


කොරෝනා වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් ඒ සදහා පත් කළ විද්වත් කමිටුව ලබාදෙන තීරණයට සියළු පාර්ශව එකඟ විය යුතු බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. 


එම කමිටුව ලබාදෙන තීරණයට අනුව කටයුතු කිරීම සියළු පුරවැසියන්ගේ වගකීම බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.


මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 191 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ වාර්තා වූ තවත් මරණ 4 ත් සමගින්. ඒ අතර අවුරුදු 52, 75 සහ 78 යන වයස් වල පසු වූ කාන්තාවන් තිදෙනෙකු සිටින බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ. අනෙක් පුද්ගලයා අවුරුදු 66 ක් පිරිමි පුද්ගලයෙක්.


මේ අතර ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 674 දෙනෙකු වාර්තා වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 41,054 ක් දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ. ඉන් 32,701 දෙනෙකු මේ වනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 8,162 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ. 

No comments

Ads Place