Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සුලි කුණාටුවෙන් ධීවර යාත්‍රා 500ක් විනශයි.. උතුරේ ධීවර කරම්න්තයට දැඩි බාධා…

  බූරවී සුලිකුණාටුව හා මුහුදේ පවතින අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් ගෙවුනු සිතියක කාලයක් මුහුදු යාමට නොහැකි වූ බවට උතුරේ ධීවරයින් පවසා සිටි...

 


බූරවී සුලිකුණාටුව හා මුහුදේ පවතින අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් ගෙවුනු සිතියක කාලයක් මුහුදු යාමට නොහැකි වූ බවට උතුරේ ධීවරයින් පවසා සිටිති.

එමෙන්ම පැවති සුලිකුණාටු තත්වයන් හේතුවෙන් උතුරේ ධීවරයින්ගේ බොට්ටු ඇතුලු ධීවර යාත්‍රා 500 කට අධික ප්‍රමාණයකට සහ දැල් ආම්පන්න වලට හානි සිදුව ඇති බැවින් එම ධීවරයින් දැඩි පීඩාවන්ට පත්ව සිටිති.

සුලිකුණාටු තත්වයන් හේතුවෙන් උතුරේ වැඩිම ධීවර බෝට්ටු ප්‍රමාණයක්ට හානි සිදුව ඇත්තේ මන්නාරම පේසාලේ සහ යාපනය ඩෙල්ෆ් නෙඩුන්තීව් වැනි ප්‍රදේශයන්හි ධීවරයින්ටය.

මේ හේතුව නිසා ඉදිරියේදී ධීවර කුටුයුත වල නිරතවීමට තමන්ට අලාභහානි සිදුවූ ධීවර යාත්‍රාවලට කිසියම් වන්දියක් හෝ ආධාරයක් ලබා දිය යුතු බවටද ධීවරයින් වැඩි දුරටත් පවසා සිටිති.

කෙසේ වෙතත් සතියක කාලයක් බුරවි සුලි කුණාටුව හේතුවෙන් උතුරේ ධීවරයින් මුහුදු යාමට නොහැකි වීම හේතුවෙන් උතුරේ ධීවරයින්ගේ ආර් ථිකයටද දැඩි බලපෑමක් එල්ල වී ඇත.

No comments

Ads Place