Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රත්නපුර රෝහලේ වාට්ටුවක් වසා දැමේ : වෛද්‍යවරයෙකු ඇතුළු කොවිඩ් ආසාදිතයින් 14ක් සොයා ගැනේ

  රත්නපුර ශික්ෂණ රෝහලේ 24 වැනි වාට්ටුවේ සේවය කරනු ලබන වෙද්‍යවරයෙකුට, හෙදියන් දෙදෙනෙකුට, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට සහ එම වාට්ටු...

 


රත්නපුර ශික්ෂණ රෝහලේ 24 වැනි වාට්ටුවේ සේවය කරනු ලබන වෙද්‍යවරයෙකුට, හෙදියන් දෙදෙනෙකුට, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් දෙදෙනෙකුට සහ එම වාට්ටුවේ ප්‍රතිකාර ලබම්න් සිටි රෝගින් 09 දෙනෙකුට කොරොනා වෛරසය ආසාදිත බවට තහවුරු විම නිසා එම වාට්ටුව වසා දැමිමට රෝහල් බලධාරීන් තීරණය කර තිබෙනවා.


ඒ අනුව අද (29) උදෑසන සිට රෝහලේ 24 වැනි වාට්ටුව වසා දැමු බව රත්නපුර ශික්ෂණ රෝහලේ වෙද්‍ය අධිකාරි වෙද්‍ය අනෝජ් රුද්දිගෝ තහවුරු කර සිටියා.                                                                                          


එම වාට්ටුවේ සේවය කළ සෙසු වෙද්‍යවරුන්, හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයින් නිරෝධායනයට යොමු කිරිමට පියවර ගෙන ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේ.


වාට්ටුවේ සිටියදිකොව්ඩ් ආසාදිත වුරෝගින් රත්නපුර දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල පදිංචි අය බව සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර සිටියි.


මේ වන විට එම වාට්ටුව විෂ බිජ හරණය කිරීමට කටයුතු කර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. 

No comments

Ads Place