Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වෛරස ප්‍රභේද 12 ක් තිබෙනවා – ඉදිරියේදී තවත් දරුණු වසංගත ලොව පැතිරේවි – WHO අනතුරු අඟවයි

  අනාගතයේ මානව වර්ගයාට ‘කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය, වඩා බිහිසුණු මාරක වයිරස බොහොමයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් මෙය එක් පූර්ව අනතුරු ...

 


අනාගතයේ මානව වර්ගයාට ‘කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය, වඩා බිහිසුණු මාරක වයිරස බොහොමයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් මෙය එක් පූර්ව අනතුරු ඇගවීමක් පමණක් බවත්, ලෝක සෞඛ්‍ය සධාතය අනතුරු අගවයි. 


කොව්ඩ් වසංගය සම්බන්ධයෙන් පැවැත්විණි.


කොවිඩ් 19′ වයිරස වසංගතයට වසරක් පිරීම නිමිත්තනේ පෙරේදා (28) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේදී පැවති විශේෂ මාධ්‍ය හමුවක දී මේ බව පවසා තිබේ.


‘කොවිච් 19’ වයිරසයන් පාඩම් ඉගෙන ගනිමින්, ඉදිරියේ දී මානව වර්ගයා විනාශ කිරීමට හිස ඔසවන ඕනෑම ආකාරයේ වයිරසයකට මුහුණ දීම සඳහා ලෝකය එකමුතු වී, අවශ්‍ය ක්‍රියා මාර්ග දැන්ම සැලැසුම් කළ යුතු යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.


“කොවිඩ් 19 වයිරසය ආරම්භ වූයේ පසුගිය 2019 දෙසැම්බර් අවසානයේ. වසරක් ගතවෙද්දී, වයිරසයෙන් එල්ල වුණු බලපෑම සුළුපටු නොවෙයි. මේ වනවිට වයිරසය ආසාදනය වූ ගණන මිලියන 80 පසු කරලා. වයිරසයට බිලිවුණු ගණන මිලියන 1.8 ක්. කොවිඩ් 19 වසංගතය බිහිසුණු එකක්. මිනිසා මුහුණ දුන් දරුණුතම වයිරස වසංගතයයි. ඒත් මේක එක් පුංචි  අනතුරු ඇඟවීමක්. මිනිස්සු අවදි කරන්න කළ අනතුරු  ඇඟවීමක්. ඉදිරියේදී මීට වඩා බිහිසුණු වසංගත පැතිරේවි. ඒවා වඩාත් මාරක වේවි. අප දැන්ම ඊට සූදානම් නොවුණොත් ප්‍රමාද විය හැකියි” යැයි මාධ්‍ය හමුවට එක් වුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ වංසගත රෝග සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමේ අංශයේ ප්‍රධානී වෛද්‍ය මයිකල් රයන් තවදුරටත් පැවසීය.


අතීතයේ සිට මිනිසා වයිරස සමඟ ජීවත් වන බවත් අද වනවිට කොවිඩ් 19 වයිරසය හා සමාන මාරක වයිරස 12 ක් පවතින බවත්, ඒවා හෝ වෙනත් නව වයිරස ප්‍රභේදයක් හෝ  ඕනෑම වේලාවක ගෝලීය වසංගත ලෙස ව්‍යාප්ත වීමට ඉඩ ඇති බවත් වෛද්‍ය මයිකල් රයන් වැඩි දුරටත් කියා සිටියේය.  “මානව වර්ගයා අනාදිමත් කාලයක පටන් වයිරස සමග  සටන් වදිනවා. වයිරසවලට ප්‍රතිකර්ම සෙවීම පහසු කටයුත්තක්   නොවෙයි. ඊට හේතුව වයිරස නිරන්තරයෙන් වෙනස්වීමය. කෙසේ නමුත් ඇතැම් වයිරස ව්‍යාප්තිය වළක්වාගන්න, ආසාදනය වූවන් බේරාගන්න ඖෂධ සහ එන්නත් නිපදවා තිබෙනවා. වසූරිය වැනි මාරක වයිරස ලොවෙන් තුරන් කිරීමට සමත් වුවත්, තවමත් වාර්ෂිකව, ඩෙංගු, ඉන්ෆුවෙන්සා ආදී  වයිරස හිස ඔසවනවා. වසංගත තත්ත්වයක් නිර්මාණය කරනවා. “කොවිඩ් 19″ මෙන්ම බිහිසුණු වයිරස වින ‘සර්ස්’,  මර්ස්”, ඉබෝලා’ ආදී වයිරස ද යටපත් වුණත් ඒවා ලොවෙන්  තුරන් වී නැහැ.’ යැයි වෛද්‍ය රයන් පැවසීය

No comments

Ads Place