Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් මල සිරුරූ අධි ශීතකරණවල තැන්පත් කිරීම භයානකයි : ගාල්ලේ මියගිය පුද්ගලයාගේ සිරුරේ දින 06 කට පසුව සිදුකළ PCR වාර්තාව පොසිටිව්

  කොවිඩ් ආසාදිත පුද්ගලයයින්ගේ මෘත දේහයන් අධි ශිතකරණවල තැන්පත්කොට තබාගැනිම භයානක බවත් මෘතදේහයන් තුල වෛරසය ආරක්ෂාවි තිබෙන බව ගාල්ල කරාපිටිය  ශ...

 


කොවිඩ් ආසාදිත පුද්ගලයයින්ගේ මෘත දේහයන් අධි ශිතකරණවල තැන්පත්කොට තබාගැනිම භයානක බවත් මෘතදේහයන් තුල වෛරසය ආරක්ෂාවි තිබෙන බව ගාල්ල කරාපිටිය  ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි  රෝහාන් රුවන්පුර පවසනවා.


ගාල්ල දෙද්දුගොඩ ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත තිදරු පියා මියගිය පසු PCR පරික්ෂණ 04ක් සිදුකළ බවත් එම  පරික්ෂණවල ප්‍රථිපල අනුව කොරෝනා වෛරසය මියගිය පුද්ගලයාගේ මෘත දේහය තුල තවදුරටත් සක්‍රියව තිබු බවට අනාවරණය වූ බවයි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේ. 


මෙම පුද්ගලයා මියගොස් දින 06කට පසුව එනම් ආදාහනය කිරිමට රැගෙන යාමට පෙර සිදුකළ PCR පරික්ෂණයෙද මෙකි පුද්ගලයාගේ මෘත දේහය තුල කොරෝනා වෛරසය සක්‍රියව  තිබු බවද හෙතෙම පවසයි.


මේ පිළිබද අදහස් දක්වමින් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර මෙසේ කරුණු දක්වා සිටියා,


' මෙම පුද්ගලයා මියගොස් දින 06කට පමණ පසුවත් කරණු ලැබු PCR පරික්ෂණවලදි කොරෝනා වෛරසය සක්‍රියව තිබිලා තියෙනවා. ශිතකරණයක තියෙන විට වෛරය ආරක්ෂා වෙල තියෙනවා. ඒ නිසා කාටවත් කියන්න බැහැ මියගිය පසු  සක්‍රිය ලෙස වෛරසය නැහැ කියලා.


සාමාන්‍යයෙන් මියගිය පසු පැය 24ක් යනවිට වෛරසය සොයාගන්න බැරිවෙනවා. නැතිවෙලා යනවා. නමුත් මෙම පුද්ගලයාගේ මළ සිරුර තුල වෛරසය සක්‍රියව තිබිලා තියෙනවා. වෛරස ප්‍රමාණය අඩුවෙන්න පුළුවන් නමුත් කොවිඩ් ආසාදිත පුද්ගලයකුගේ මළ සිරුරක් අධිශිතකරණයක බහා තැබිම තුලින් වෛරසය දිගටම ආරක්ෂාවෙලා තියෙන්න පුළුවන්.


මෙම පුද්ගලයාගේ මළ සිරුර තැන්පත්කොට තිබුණේ සාමන්‍ය ශිතකරණයක. නමුත්  අධිශිතකරණවල කොවිඩ් ආසාදිත පුද්ගලයකුගේ මළ  සිරුරුතැන්පත් කිරිම තුලින් දිගටම වෛරසය තියෙනවා .අධිශිතකරණයක තබා ගැනිම  භයානකයි. කොවිඩ්  ආසාදිත මළ සිරුරු ආදාහනය කළහොත් අවදානම බිංදුවයි. භුමදානය කළහොත් අවදානමක් තියෙනවා. වෙනත් වෛරස වසර ගණනාවකට පසුවද මිනිවල්වල් වලින් බෝවි ඇති ආකාරය විද්‍යාත්මකව අනාවරණය වෙලා තියෙනවා. පොලියෝ වගේ වෛරස එහෙම බෝවෙලා තියෙනවා' යැයිද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළා.

No comments

Ads Place