Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

 හුදෙකලා කර ඇති අවිස්සාවේල්ල ප‍්‍රදේශයෙන් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 150 දෙනෙකු හදුනා ගැණුනු බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයා...


 හුදෙකලා කර ඇති අවිස්සාවේල්ල ප‍්‍රදේශයෙන් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 150 දෙනෙකු හදුනා ගැණුනු බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා. පිළියන්දල ප‍්‍රදේශයෙන් 10 දෙනෙකු, වැල්ලවත්තෙන් 8 දෙනෙකු, වැල්ලම්පිටිය සහ බොරැල්ල ප‍්‍රදේශවලින් හත් දෙනෙකු බැගින් ආසාදිතයින් හදුනා ගැණුනු බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.


ඒ අනුව ඊයේ දිනයේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන් හදුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් ගණන 235 ක්. ඉකුත් ඔක්තෝම්බර් 4 වනදා සිට ඊයේ දිනය දක්වා කොළඹ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 17,317 ක් වනවා. 


එම කාලය තුළ ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් හදුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් ගණන 8,766 ක් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. ඊයේ දිනයේ ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් කොරෝනා ආසාදිතයින් 164 දෙනෙකු හදුනා ගැණුනු අතර ඉන් වැඩිම පිරිස වන 52 දෙනෙකු හදුනා ගෙන ඇත්තේ මීගමුව ප‍්‍රදේශයෙන්. පෑලියගොඩ ප‍්‍රදේශයෙන් ආසාදිතයින් 26 දෙනෙකු සහ බියගම ප‍්‍රදේශයෙන් ආසාදිතයින් 11 දෙනෙකු හදුනා ගැණුනා. 


කළුතර දිස්ති‍්‍රක්කයෙන් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 84 දෙනෙකු හදුනා ගැණුනු අතර ඉකුත් ඉකුත් ඔක්තෝම්බර් 4 වනදා සිට ඊයේ දිනය දක්වා එම ප‍්‍රදේශයෙන් හදුනා ගැණුනු ආසාදිතයින් ගණන 3,205 ක් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. 


මේ අතර ඊයේ දිනය තුළ කොරෝනා ආසාදිතයින් 598 දෙනෙකු හදුනා ගැණුනු අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 40,380 ක් දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඉන් 32,051 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ගණන 8,142 ක්. මෙරටදී සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 187 ක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.


මේ අතර බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11කදී සිදුකෙරෙන අහඹු රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණයෙන් මේ වනවිට කොරෝනා ආසාදිත පුද්ගලයින් 49 දෙනෙකු හදුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියා.



මේ අතර නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 31 දෙනෙකු ඉකුත් පැය 24 තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවා.

No comments

Ads Place