Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩයනා සහ අරවින්ද කුමාර්ට ආණ්ඩු පක්ෂයේ අසුන

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් විපක්ෂයේ ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනාට අණ්ඩ...


20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් විපක්ෂයේ ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දෙදෙනාට අණ්ඩු පක්ෂයේ ආසන පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ, ආණ්ඩු පක්ෂයේ ඉල්ලීම මතයි.


ආණ්ඩු පක්ෂ ප‍්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු විසින් කතානායකවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව එම මන්ත‍්‍රීවරුන් දෙදෙනාට ආණ්ඩු පක්ෂයේ ආසන පැනවීමට තීරණය කෙරුණා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරවින්ද කුමාර්ට ආණ්ඩු පක්ෂයේ අසුනක් පැනවිමට නියමිත අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩයනා ගමගේ විපක්ෂය අසුන් ගන්නා වම්පස ඇති ආණ්ඩුපක්ෂයේ ආසනයක් පනවනු ඇති. 


එමෙන්ම 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡුන්දය ලබා දුන් ඉෂාක් රහුමාන්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම් හාරිස්, එම්.එස් තවුෆික්, නසිර් අහමඕ, ඒ.ඒ.එස්.එම් රහීම්, එම්.එම්.එම්.මුෂාරෆ් යන විපක්ෂයේ සෙසු මන්ත‍්‍රීවරුන්ටද පාර්ලිමේන්තු සභාවේ විපක්ෂයේ වෙනත් අසුන් පැනවීමට පියවර ගෙන තිබෙනවා.


විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉකුත්දා ඉල්ලා සිටියේ 20 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් 08 දෙනාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන ලෙසයි.


මේ අතර ඩයනා ගමගේ් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයගේ් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ අත්සනින් යුතු ලිපියකින් මන්තී‍්‍රවරියට ඒ බව දන්වා ඇති බවයි සමගි ජනබලවේගය පැවසුවේ.


20 වන ව්‍යවස්ථා සංශෝධනයට විපක්ෂව ඡන්දය ප‍්‍රකාශ කිරිමට සමගි ජන බලවේගය තීරණය කර තිබුණා. එහෙත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩයනා ගමගේ ඉකුත්දා 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කළා. මේ හේතුවෙන් ඇයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමටයි සමගි ජනබල ෙවිගය තීරණය කළේ. 

nethews

No comments

Ads Place