Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මැද පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි… ගබ්සා උපකරණත් ඒ අතර..

යාපනය තෙන්මරාච්චි කරම්බකම් ප්‍රදේශයේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට කෝපායි පොලීසිය පවසයි. කෝ...


යාපනය තෙන්මරාච්චි කරම්බකම් ප්‍රදේශයේ නීතිවිරෝධීව පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට කෝපායි පොලීසිය පවසයි.

කෝපායි පොලීසියට ගණිකා නිවාසයක් පිළිබඳව ලැබුනු තොරතුරක් අනුව අදාල ස්ථානය වටලා සිදු කරන ලද පරික්ෂණවලදී ගබ්සාවන් සිදු කිරීම සඳහා යොදාගන්නා ඖෂධ ඇතුලු උපකරණ රැසක් සමගින් එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු හා නිවසේ හිමිකරු අත්අඩංගුවට ගනු ලැබීය.

එමෙන්ම අදාල නිවසේ හිමිකරු සඳහා ගබ්සාවන වෙනුවෙන් ඖෂධ ලබාදුන් අයෙකුද හඳුනාගෙන ඇති අතර ඒ පිළිබඳවද පරික්ෂණයක් පොලීසිය විසින් ආරම්භ කොට ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මුලතිව් විශ්වමඩු හා යාපනය නල්ලූර් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 සහ 44 කාන්තාවන් දෙදෙනෙකු සිටි.

lankacnews

No comments

Ads Place