Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා සමාජගත වීමක් නෑ.. තැන තැන පොකුරු හමුවෙනවා පමණයි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

කොරෝනා වෛරසය මේ වන තෙක් සමාජ ගත වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකාව තවමත් පවතින්නේ තැනි...


කොරෝනා වෛරසය මේ වන තෙක් සමාජ ගත වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාව තවමත් පවතින්නේ තැනින් තැන පොකුරු වශයෙන් ආසාදිතයන් හමුවන තුන්වන අදියරේ යයිද තත්ත්වය පාලනය කිරීම අසීරු නැති බවද ඔහු පැවසීය.

වෛරසය සමාජගත වී නැති බව පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා වසංගත රෝග විද්‍යා ඒකයේ නිර්ණායකවලට අනුව බව ද ඔහු සඳහන් කරයි.

වෛරසය සමාජගත වීම යනු එය මතු වූ තැන් පවා සොයා ගැනීම දුෂ්කර අවස්ථාවක් යයිද ඔහු පැවසීය.

lankacnews

මේ වන විට රටේ ක්‍රියාත්මක වන්නේ මිනුවන්ගො හා පෑලියගොඩ ආශ්‍රිත පොකුරු පමණක් බවද කී ඔහු එම පොකුරු වල පළමු පෙළ ආශ්‍රිතයන් සියලු දෙනා හඳුනාගෙන ඇතැයි ද පැවැසීය.

පවතින ආර්ථික තත්ත්වය මත හෝ රට මුළුමනින්ම වසා දැමීමට කිසිසේත්ම හැකියාවක් නැති බවත් කොරෝනා පාලනය කරනු ලබන්නේ රට නව සාමාන්‍යකරණය යටතේ පවත්වාගෙන යන අතරතුරේ දී බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments

Ads Place