Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අලි සබ්රි අධිකරණ ඇමැති වුණු පළියට රටේ නීති වෙනස් කරන්න දෙන්න බැහැ.

මුස්ලිම් භක්තිකයකු වූ අලි සබ්රි මහතා අධිකරණ ඇමැති වූ පළියට සෞඛ්‍ය නීති රීති ඇතුළුව රටේ නීති වෙනස් කිරීමට ඉඩ ලබා දිය නොහැකි යැයි දේශපේ‍්‍රමී ...


මුස්ලිම් භක්තිකයකු වූ අලි සබ්රි මහතා අධිකරණ ඇමැති වූ පළියට සෞඛ්‍ය නීති රීති ඇතුළුව රටේ නීති වෙනස් කිරීමට ඉඩ ලබා දිය නොහැකි යැයි දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

එහෙයින් කොරෝනා රෝගය නිසා මියැදෙන කිසිදු පුද්ගලයකුගේ මෘතදේහයක් භූමදානය නොකළ යුතු බව ද උන්වහන්සේ කීහ.

එම රෝගය හේතුවෙන් මියයන මුස්ලිම් ජනතාවගේ දේහයන් භූමදානය කිරීමට ගෙන ඇති තීරණයට දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණ බලවත් විරෝධය පළ කරන බව සඳහන් කළ බෙංගමුවේ නාලක හිමියෝ මුළු රටේම ජනතාවගේ ආරක්ෂාව පතා රජය නිවැරදිම තීන්දුව මෙහිදී ගත යුතු බව අවධාරණය කළහ.

ස්වකීය මෘතදේහ භූමදානය කිරීම මුස්ලිම් ආගමික සිරිතක් වුවද, කොරෝනා වැනි භයානක විෂබීජයක් ශරීරගතව මියගිය විට එම මෘතදේහයන් භූමදානය නොකර ආදාහනය කිරීමට තරම් මුස්ලිම් ආගමික නායකයන් නම්‍යශීලී විය යුතු බව උන්වහන්සේ පැවසූහ.

ජල උල්පත් සහිත, ළිං ජලය බහුලව පරිභෝජනය කරන අප වැනි රටක මෙවැනි මළ සිරුරු භූමදානය කිරීමෙන් ජලය හරහා එම විෂබීජ විශාල ලෙස පැතිර යෑමේ අනතුර ඉහළ බව ද බෙංගමුවේ නාලක හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

lankaleadnews

No comments

Ads Place