Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැලිකඩ කොරෝනා නිසා දුමින්ද සිල්වා, චොකා මල්ලි, තංගල්ල සභාපති බනධනාගාර නිලධාරීන්ගේ විවේකාගාරයට.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ රැඳී සිටි සිරකරුවන් හා රැඳවියන් කිහිප දෙනෙකුට පමණක් බන්ධනාගාර නිලධාරීන්ගේ විවේකාගාරයේ නේවාසික පහසුකම් සපයා ඇතැයි ලංකා...


වැලිකඩ බන්ධනාගාර රෝහලේ රැඳී සිටි සිරකරුවන් හා රැඳවියන් කිහිප දෙනෙකුට පමණක් බන්ධනාගාර නිලධාරීන්ගේ විවේකාගාරයේ නේවාසික පහසුකම් සපයා ඇතැයි ලංකාදීප වාර්තා කරයි.

වැලිකඩ බන්ධනාගාර රෝහල කොරෝනා ආසාදිත රැුදවියන්ට සඳහා ප්‍රතිකාර කිරීමට වෙන් කිරීමත් සමග මෙම තීරණය ගෙන ඇතැයි ද සඳහන්ය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, තංගල්ල ප්‍රාදේශීය භාවය හිටපු සභාපති සම්පත් විදානපතිරණ, විශ්‍රාමික මේජ් අජිත් ප්‍රසන්න ඇතුළු කිහිප දෙනෙක් මෙසේ නිලධාරීන්ගේ විවේකාගාරයට යොමු කර ඇතැයි ද සඳහන්ය.

බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙසීයකට ආසන්න පිරිසක් මහර බන්ධනාගාර රෝහල වෙත මාරුකර යවා තිබියදී මෙම පිරිස පමණක් විවේකාගාරයේ රැඳවීම පිළිබඳව රැඳවියන් සහ සෞඛ්‍යය කාර්ය මණ්ඩලවල දැඩි කතාබහක් ඇතිව තිබෙන බවත් වාර්තාවේ සදහන්ය.

මෙම පියවර ගෙන ඇත්තේ ඉහළින් ලැබුණු නියෝගයක් මත බවත් ලංකාදීප වෙබ් අඩවිය තව දුරටත් වාර්තා කරයි.

nethnews

No comments

Ads Place