Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පයාගල ප්‍රදේශයේ ඇගලුම් කම්හලක් හදිසියේ වසා දැමීමෙන් සේවක සේවිකාවන් 160ක් දැඩි අසීරුතාවයකට

පයාගල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 160ක් පමණ අද (10) උදෑසන සිට ඇඟලුම්හල ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුවා. ඒ මෙම ඇඟලුම්හල්...


පයාගල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 160ක් පමණ අද (10) උදෑසන සිට ඇඟලුම්හල ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුවා. ඒ මෙම ඇඟලුම්හල් සේවක සේවිකාවන්ට නොදන්වා පාලන අධිකාරිය විසින් එකවරම ඇඟලුම්හල වසා දමා තිබීම හේතුවෙන්.


රජය ක්‍රියාත්මක කර තිබූ ඇඳිරි නීතිය පෙරේදා (09) ඉවත් කළ පසු එදින එම ඇඟලුම් හල ද විවෘත කර සේවක පිරිස් එදින සිය දෛනික කටයුතු රාජකාරි කළ බවත් අද දින උදෑසන සේවයට පැමිණියත් ආයතනය වසා දමා පාලනාධිකාරිය කිසිවකුත් පැමිණ නොමැති බව එම සේවක සේවිකාවන් පවසන්නේ.


ඇගලුම්හල ඉදිරිපිට සිටින සේවක සේවිකාවන් සෞඛ්‍යාරක්ෂිතව මුඛ ආවරණ පැළඳ සිටි අතර ඔවුන් පවසන්නේ ආයතනය වසා දමන්නේ නම් වසර 20 ක සිට සේවය කරන සේවක සේවිකාවන්ට සාධාරණ වන්දියක් ලබා දී ආයතනය වැසීමට කටයුතු කරන ලෙසත් තමන්ට සාධාරණයක් ඉටු කරන තෙක් මෙම ස්ථානයෙන් පිටව නොයන බව ඔවුන් කියා සිටිනවා.


මෙම සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථ වල හිමිකරුවන් ද මෙයින් පීඩාවට පත් වී ඇති බවත් තමන්ටද මාස තුනක ප්‍රවාහන දීමනා ගෙවා නොමැති හෙයින් තම බස් රථ වල ලීසිං ගෙවා ගැනීමට ද දැඩි අපහසුතාවයට පත් වී ඇති බව ඔවුහු පවසා සිටිනවා. 

nethnews

No comments

Ads Place