Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් ආසාදිතයා ත්‍රිරෝද රථයෙන් තැන් කිහිපයක සැරි සරලා

  කොවිඩ් 19 වෛරසය අසාදනය වු 28 හැවිරිදි එක්දරු පියෙකු තම ත්‍රිරෝද රථයෙන් ස්ථාන කිහිපයක සැරිසරමින් සිටියදි බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ බග...

 


කොවිඩ් 19 වෛරසය අසාදනය වු 28 හැවිරිදි එක්දරු පියෙකු තම ත්‍රිරෝද රථයෙන් ස්ථාන කිහිපයක සැරිසරමින් සිටියදි බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලයේ නිලධාරින් එක්ව අසාදිතයා අල්ලා හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කිරිමට ඊයේ (26) දින රාත්‍රියේ බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.


අසාදිතයා කොළඹ හෙට්ටිවිදිය ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට ඉකුත් 18 වෙනි දින දිපාවලි උත්සවයෙන් පසු බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වත්තේ මොරා කොටසේ තම නිවසට පැමිණිමෙන් අනතුරුව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් අසාදිතයා ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝදනයට යොමු කර පසුගිය 24 වෙනිදා දින පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර ඇත.


පි.සි.ආර් පරික්ෂණ වාර්තාව ඊයේ දින ලද විගස බගවන්තලාව පොලිසියේ නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ඔහුගේ නිවස වෙත යන අවස්තාවේ ඔහු තම ත්‍රිරෝද රථයේ රියදුරෙකුද නංවාගෙන නොර්වුඩ්, හැටන්, පුලියාවත්ත යන ප්‍රදේශයවල සංචාරය කරමින් සිටියදි මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ පොලිස් නිලධාරින් විසින් අසාදිතයාට දුරකථන ඇමතුමක් ලබා දි ඔහු යලිත් තම නිවස වෙත ගෙන්වාගෙන ඇත.


ත්‍රිරෝද රථයේ රියදුර සහ ඔහුගේ පවුලේ සමාජිකයන්ද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් ස්වයං නිරෝදනයට යොමු කර ඇති අතර , අසාදිතයා සැරි සැරු ස්ථාන කිහිපයක ආශ්‍රිතයන් සොයා ගැනිමට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් සහ පොලිසිය කටයුතු කරමින් සිටියි.

No comments

Ads Place