Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එල් පී එල් පළමු තරගය ලකුණු සම වෙයි

  ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ පැවති පළමු තරගය ලකුණු සම වූ අතර එහිදී කි‍්‍රයාත්මක කළ සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට ඇ...

 


ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ පැවති පළමු තරගය ලකුණු සම වූ අතර එහිදී කි‍්‍රයාත්මක කළ සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වුණා. ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමයි.


විචිත‍්‍රවත් සමාරම්භයකින් ආරම්භ වූ මෙම තරගාවලියේ පළමු තරගය ඊයේ රාතී‍්‍රයේ පැවැත්වුණේ හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කි‍්‍රඩාංගණයේදීයි. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 3ක් දැවී ලකුණු 219 ක් රැස් කිරීමට සමත් වුණා. 


නායක කුසල් ජනිත් පෙරේරා පන්දු 52කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 87ක්. ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් ඇතුළත් වුණා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කිරීම සදහා කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල වන දිනේෂ් චන්දිමාල් සහ ලෝරි ඉවන්ස් පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 64ක සබදතාවක් ගොඩනැගුවා. 


චන්දිමාල් පන්දු 46කදී හයේ පහර 2ක්  සහ හතරේ පහර 12ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 80ක්. ඉසුරු උදාන පන්දු 12කදී හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 34ක් රැුස් කිරීමට සමත් වුණා. ඔහු ලකුණු 2ක් ලබා සිටියදී කුසල් මෙන්ඩිස් වෙත ලබාදුන් පහසු උඩ පන්දුව ගිලිහීයාමද කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ජයග‍්‍රහණයට ඉවහල් වුණා. 


අවසන් පන්දුවාරයේදී කලම්බෝ කිංග්ස් කණ්ඩායමට ජයග‍්‍රහණය සදහා ලකුණූ 20 ක් ලබා ගත යුතුව තිබුණා. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ අසේල ගුණරත්න අවසන් පන්දුවාරය කි‍්‍රයාත්මක කළ අතර එම පන්දුවාරයේදී හයේ පහර දෙකක්ද ඇතුලූව ලකුණු 19ක් රැස් කරමින් ඉසුරු උදාන ලකුණූ සම කරමින් තරගය අවසන් කළා. අනතුරුව ජයග‍්‍රාහයික් තෝරා ගැනීම සදහා සුපිරි පන්දුවාරය කි‍්‍රයාත්මක කළ අතර එහිදී කලම්බෝ කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසියේ මෙවර අයි පී එල් තරගාවලිය නියෝජනය කළ අන්ද්‍ර රසල් සහ ඉසුරු උදානයි. 


එම සුපිරි පන්දුවාරයේදී කඩුල්ලක් දැවී ලකුණු 16ක් රැස් කර ගැනීමට කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් වුණා. අනතුරුව පිටියට පිවිසි කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට සුපිරි පන්දුවාරයේදී රැස් කර ගැනීමට හැකිවූයේ ලකුණු 12ක් පමණයි. අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී ජයග‍්‍රහණය සදහා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට ලකුණු 6ක් ලබාගත යුතුව තිබූ අතර ඉසුරු උදාන යැවූ එම පන්දුවාරයේ අවසන් පන්දුවේදී කුසල් ජනිත් ලබා ගත්තේ එක් ලකුණක් පමණයි. 


තරගයේ වීරයා ලෙස ලකුණු 80ක් රැස් කළ කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් සම්මාන දිනා ගත්තා. ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ දෙවන තරගය තිසර පෙරේරා නායකත්වය දරන ජෆ්නා ස්ටැලියන්ස් සහ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර අද රාති‍්‍රයේ පැවැත්වීමට නියමිතයි. එම තරගය අද රාති‍්‍ර 7 යි 30ට හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වනවා.


ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය කි‍්‍රඩාංගණයේ සිට නැරඹීමට කී‍්‍රඩා ලෝලීන්ට අවස්ථාව හිමි නොවන අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් යූ ටියුබ් චැනලය ඔස්සේ සියලූ තරග සජීවී නැරඹීමට කී‍්‍රඩාලෝලින්ට අවස්ථාව සලසා තිබෙනවා. 

No comments

Ads Place