Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිෂාඞ් බදියුදීන් සුපිරි හෝටලයක් තුළ නිරෝධායනයේ

  පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් නිරෝධායනය සදහා ගල්කිස්ස ප‍්‍රදේශයේ හෝටලයකට යොමු කර තිබෙනවා. ඉකුත් 25 වනදා මන්තී‍්‍රවරයාට ඇප හිමි ව...

 

පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් නිරෝධායනය සදහා ගල්කිස්ස ප‍්‍රදේශයේ හෝටලයකට යොමු කර තිබෙනවා. ඉකුත් 25 වනදා මන්තී‍්‍රවරයාට ඇප හිමි වුණත් නිරෝධායනයට යොමු කිරීමට වෙනත් ස්ථානයක් නම්කරන තෙක් ඔහු ඊයේ දිනය දක්වා මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබුණා. 


රිෂාඞ් බදුර්දීන් මන්තී‍්‍රවරයා වෙනත් ස්ථානයක නිරෝධායනයට යොමු කරන ලෙසටද ඔහුගේ බිරිද විසින් විපක්‍ෂ නායකවරයා දැනුවත් කෙරුණු අතර ඒ අනුව විපක්‍ෂ නායකවරයා විසින් ඒ පිළිබද කථානායකවරයා දැනුවත් කර තිබුණා. විපක්‍ෂ නායකවරයාගෙන් සහ විවිධ පාර්ශවලින් ලැබුණු ඉල්ලීම් අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ඒ පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුවත්  කෙරුණා. ඒ අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් රිෂාඞ් බදියුදීන් මන්තී‍්‍රවරයා ගල්කිස්ස හෝටලයකට යොමු කර තිබෙනවා.


ඉකුත් ජනාධිපතිවරණ සමයේ අවතැන් පුද්ගලයන් 12,620ක් ගෙනයාම සඳහා රුපියල් ලක්ෂ 95කට වැඩි මුදලක් ගෙවමින් රජයේ මුදල් අවභාවිතා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු කර්මාන්ත අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඞ් බදියුදීන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.


මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී ගල්ලෑල්ල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පල වුණා. විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එහිදී සඳහන් කළේ ශානී අබේසේකර අයී ඞී එච් රෝහලට මාරු කරන ලෙසටයි.

No comments

Ads Place