Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුකූල බස් ගාස්තු සංශෝධනය ලඟදීම

රටතුළ පවතින තත්ත්වය හමුවේ ප‍්‍රවාහන සේවා පවත්වාගෙන යාමට නම් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු තත්ත්වයකට පත්ව ඇති බව බස්රථ ප‍්‍රවාහන සේවා රාජ්...


රටතුළ පවතින තත්ත්වය හමුවේ ප‍්‍රවාහන සේවා පවත්වාගෙන යාමට නම් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු තත්ත්වයකට පත්ව ඇති බව බස්රථ ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. 


ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ කි‍්‍රයාකළ යුතු ආකාරය දැක්වෙන කොවිඞ් ප‍්‍රවාහන ප‍්‍රතිපත්තිය අද එළි දක්වන බවයි. කොරෝනා ව්‍යාප්තිය සිදුවන ප‍්‍රදේශ අනුව බස්රථ ධාවනය කළ හැකි ක‍්‍රමවේද  03 ක් සකස් කර ඇති බවත්, ඒ අනුව ගාස්තු සංශෝධනයක් සිදුවන බවත්, රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා. 


රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම සඳහන් කළේ සියලූ ප‍්‍රවාහන සේවා සිදුකළ යුතු ආකාරය නව ප‍්‍රවාහන ප‍්‍රතිපත්තියට ඇතුළත් බවයි. 


බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු පොදු ප‍්‍රවාහන සේවා ඊයේ සිට ආරම්භ වුණා. එහෙත් ඇතැම් ප‍්‍රදේශවල බස්රථ සේවා ප‍්‍රමාණවත් පරිදි නොතිබූ බවයි මගීන් පැවසුවේ. 

nethnews

No comments

Ads Place