Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ත‍්‍රිකුණාමලයේ අක්කර විසි එක් දහසක් බඩඉරිගු වගාවට..

කන්තලේ   සීනි සමාගමේ සීනි කර්මාන්ත ශාලාවක් තමයි ආරම්බ කරන්නේ. අපි සීනි කර්මාන්ත ශාලාව ආරම්බ කරනකම් ඒ මුඩු ඉඩම  ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඒ ...


කන්තලේ සීනි සමාගමේ සීනි කර්මාන්ත ශාලාවක් තමයි ආරම්බ කරන්නේ. අපි සීනි කර්මාන්ත ශාලාව ආරම්බ කරනකම් ඒ මුඩු ඉඩම  ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඒ ප්‍රදේශයේ ගොවීන්ට බඩ ඉරිගු වගා කරන්න ප්‍රාදේශීය ලේකම් වරයා හරහා ලබල දෙන්න කටයුතු කරනව. අපි උපරිමය අක්කර 5ක් එක ගොවියෙකුට දෙන්න බලා පොරොත්තු වෙනවා. ඒක අපි ලබල දෙන්නේ ඒ ප්‍රදේශයේ ගොවිතැන් කරන ගොවියන්ට. ඒක තමයි අපේ රටේ නීතිය’ යයි අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

ඒ මහතා මෙම අදහස් පල කර සියටියේ ඇඹිලිපිටියේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි.

මෙම අවස්ථාව සදහා ගල්ඔය වැවැිල සමාගමේ සභාපති ගයාන් මේනුක දිසානායක මහතාද සහභාගී විය.

කන්තලේ සීනි සමාගම ආරම්බ කරන තුරු එහි ඉඩම් අක්කර 21000(විසි එක් දහසේම) බඩ ඉරිගු වගා කිරීම සදහා අමාත්‍ය වරයා තීරණයක් ගන්නා ලදී. ඒ අනුව දේශීය ආයෝජකයෙක් ඉදිරිපත්වී එම ඉඩම් සදහා නීත්‍යානුකූල අයිතියක් ඉල්ලා සිටි අතර එසේ ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කිහිපයක් පල කෙරිණි.

එහිදී අමාත්‍ය වරයා කියා සිටියේ,

අපි මේ කන්තලේ අක්කර විසි එක්දහස එක් අයෙකුට දුන්නොත් එදාට ඔබල අහයි මේක එක්කෙනෙකුට දුන්නේ කොහොමද කියල. ගොවියට දෙනව අපි බඩ ඉරිගු වගා කරගන්න කියල. ගොවියට පහසුකම් සපයන්නෙක් හැටියට තව කාටහරි මැදිහත්වීමක් වෙන්න පුලුවන්. එතකොට ගොවියයි ආයෝජකයයි අතර ගිවිසුඅමක් අත්සන් කරලඒ අයට මේක කරගෙන යන්න පුලුවන්.එහෙම නැතිව ආයෝජකයට විතරක් මේක දෙන්න අපි සූදානම් නැහැ. ඒ කෙසේවෙතත්  සීනි කර්මාන්ත ශාලාව දැන් වැහිල තියෙන්නේ. සීනි කර්මාන්ත ශාලාව ආරම්බ කරනකොට මේ අක්කර විසි එක්දහසෙම උක් වගාකරන්න ඕන.

මේ වැහිච්ච ආයතනය සීනි කර්මාන්ත ශාලාවක් හදන්න තමයි අපේ බලාපොරොත්තුව. එතකන් තමයි මේ ඒ ප්‍රදේහයේ ඉන්න ගොවිජනතාවට අපි අවුරුදු විසිහයකට පස්සේ මේ අවස්ථාව ලබල දුන්නේ. අවුරුදු විසි හයක් මුඩු ඉඩමක් බවට පත්වෙලා තිබුනසු ඉඩම අපි මැදිහත්වෙලා මේ ගොවිජනතාවට ලබාදෙන්න කටයුඅතු කරනවා බඩ ඉරිගු වගා කරන්න පමණක්.

අපි ඉක්මනින් මේක කරනවා. ගොවිජනතාවට පහසුකම් සපයන්නයි.ආයෝජකයා සහ ගොවිජනතාව එකතු කරල මේ වැඩටික කරන්න. මොකද බඩ ඉරිගු වගාකරන්න පුලුවන් මේ කාලේ. මේ වහින කාලයේ බඩ ඉරිගු සිටුවන්න ඕන. ඒක නිසා අපි ඒක ඉක්මනින් කරනවා. අපි ඉක්මනින් ගොවීන් දැනුවත් කරල මේක ඉක්මනින් කරල දෙන්න බලනවා.

ආයෝජකයෙක් ඇවිත් අපිට ඉල්ලීමක් කරනවා. ඒඅයට මේ ඉඩම ලබල දෙන්න ගොවීන් සමග එකතුවෙලා වැඩ කරන්න කියල. අපිට පුලුවන් මේක ගොවීන්ට ලබල දෙන්න එතකොට ඒ ආයෝජකයට මේක ගොවීන් එක්ක එකතුවෙලා මේ කටයුත්ත කරන්න පුලුවන්. අපිට ආයෝජකයකුට මේක තනි අයිතියක් අපිට ලබාදෙන්න හැකියාවක් නැහැ. අපිට කිසිසෙත් අක්කර පහකටත් වඩා ගොවීන්ට දෙන්න හැකියාවක් නැහැ.

අපි මේක විනිවිද භාවයෙන් තමයි වැඩ කරන්නේ. යයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

lankacnews

No comments

Ads Place