Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා හේතුවෙන් රැදවියන් පිරිසකට ජනපති පොදු සමාව - ශානි අයි ඩි එච් රෝහලට

  කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන බන්ධනාගාරගත රැදවියන් පිරිසකට ජනපති පොදු සමාව ලබා දී තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල් දෙනිය...

 


කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන බන්ධනාගාරගත රැදවියන් පිරිසකට ජනපති පොදු සමාව ලබා දී තිබෙනවා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල් දෙනිය නෙත් නිවුස් වෙත කියා සිටියේ ඒ අනුව රැදවියන් 600 දෙනෙකුට පමණ ජනපති පොදු සමාව හිමිවනු ඇති බවයි.


 කෙසේවෙතත් බරපතළ වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත රැදවියන් කිසිවෙකුට ජනපති පොදු සමාව හිමි නොවන බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.  


මේ අතර පොලොන්නරුව, ගල්ලෑල්ල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොළඹ අයි ඞී එච් රෝහලට රැගෙන එමින් තිබෙනවා. ඒ, ඔහුට ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන්. 


මහර බන්ධනාගාරයේ රදවා සිටියදී ශානි අබේසේකරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා. ඉන් පසුව ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා පොලොන්නරුව ගල්ලෑල්ල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත මාරු කෙරුණා. මේ අතර අසනීප තත්ත්වයෙන් පසුවන ශානි අබේසේකර කොළඹ අයි ඞී එච් රෝහලට මාරු කරන ලෙසට විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්ද කළා.


මේ අතර අද දිනයේද බන්ධනාගාර කිහිපයක රැදවියන් පිරිසක් විරෝධතාවයක නිරත වනවා. ඒ, වැලිකඩ, මීගමුව සහ අගුණකොලපැලැස්ස යන බන්ධනාගාරවල රැදවියන් පිරිසක්. සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් එම බන්ධනාගාරවල වහලය මත නැග විරෝධතාවයක නිරත වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

No comments

Ads Place