Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස් ගාස්තුව 50%කින් වැඩි කරන්න යෝජනා.. අවම බස් ගාස්තුව 20ක්..

දැනට බලපා ඇති කොරෝනා වසංගතය අවසන් වන තෙක් සාමාන්‍ය බස් ගාස්තුව මෙන් එක හමාරක ගුණයකින් බස් ගාස්තුව වැඩි කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ග...


දැනට බලපා ඇති කොරෝනා වසංගතය අවසන් වන තෙක් සාමාන්‍ය බස් ගාස්තුව මෙන් එක හමාරක ගුණයකින් බස් ගාස්තුව වැඩි කළ යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ ඒ සමගම අවම බස් ගාස්තුව රුපියල් විස්සක් දක්වා ඉහල දැමිය යුතු බවයි.

මෙම බස් ගාස්තු ඉහළ නැංවීම කොරෝනා වසංගතය අවසන් වන තෙක් සිදුවිය යුතු බවත් එම කාලය තුළ බස් කර්මාන්තයේ සිදු කල යුතු තාවකාලික වෙනස්කම් සම්බන්ධයෙන් සංගමයේ යෝජනාවලියක් බාරදී ඇති බවත් ඔහු සඳහන් කළේය.

එම යෝජනාවලිය යටතේ එක් මගියෙකුට එක් ආසනයක් හිමිවන ලෙස සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙලක් යෝජනා කළ බව ඔහු පැවසීය.

අර්ධ සුභෝපභෝගී බස් ගාස්තු වල වෙනසක් සිදු නොකළ යුතු බවත් අධි සුඛෝපභෝගි බස් ගාස්තුව සාමාන්‍ය ගාස්තු මෙන් 1.25 ක ඉහළ දැමීමක් යෝජනා කර ඇති බවත් ඔහු කියා සිටියේය.

lankacnews

No comments

Ads Place