Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බගවන්තලාවේ එකම පවුලේ 3කට කොවිඩ්

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන කොටියාගල වතුයායේ වතු නිවාස පේළියේ පදිංචි එකම පවුලේ තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇ...


බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන කොටියාගල වතුයායේ වතු නිවාස පේළියේ පදිංචි එකම පවුලේ තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව අද (04) තහවුරු වී තිබේ.

සැමියා , බිරිද සහ දියණියට මෙසේ කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට සිදුකළ පිසිආර් පරික්ෂණ වාර්තාව අනුව තහවුරු වු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පැවසිය.

එම පවුලේ 10දෙනෙකු නිරෝධානයට යොමුකර තිබු අතර ඉන් තිදෙනෙකුට මීට ප්‍රථම කොවිඩ්-19 වෛරසය අසාදනයවිම නිසා එම ආසාදිතයන් පොළොන්නරුව මනම්පිටිය ගල්ලෑල්ල නිරෝධාන මධ්‍යස්ථානය සහ මාතර කඹුරුපිටිය නිරෝධාන මාධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එම පවුලේ අයෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවය කර තිබේ. ඒ අනුව මේ වනවිට එම පවුලේ 6 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

එම පවුලේ තවත් සිව්දෙනෙක් තවදුරටත් ස්වයං නිරෝධානයට යොමු කර ඇත.

adaderananews

No comments

Ads Place