Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වන සංරක්‍ෂණ ඉඩම් අක්කර ලක්‍ෂ 07ක් බෙදලා දෙන්න සූදානම්..

  ‘ආණ්ඩුව පත්වෙලා මාසයක් යන්න කලින් බිලියන 600 බදු සහන විශාල සමාගම්වලට ලබාදුන්නා. රජයේ ආදායම නැති කරගෙන කොහොමද ජනතාවට සහන ලබාදෙන්නේ’ යයි විප...


 ‘ආණ්ඩුව පත්වෙලා මාසයක් යන්න කලින් බිලියන 600 බදු සහන විශාල සමාගම්වලට ලබාදුන්නා. රජයේ ආදායම නැති කරගෙන කොහොමද ජනතාවට සහන ලබාදෙන්නේ’ යයි විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් කිරිඇල්ල මහතා ප‍්‍රශ්ණ කරයි.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

ඕනෑම අයවැයකින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ ජනතා සහන. අපේ පසුගිය රජයේ පළවෙනි අයවැයෙන් අපි කොච්චර සහන ලබාදුන්නද. විශාල සහන රාශියක් අපි ලබාදුන්නා. හිටපු ජනාධිපතිතුමාත් මෙතන ඉන්නවා ඔබතුමාටත් මතක ඇති. සීනි, කිරිපිටි, සස්ටජන්, පාන්, හාල්මැස්සන්, ටින්මා`එ, උම්බලකඩ, සහල්, මිරිස් වැනි විශාල භාණ්ඩ ප‍්‍රමාණයක මිල අඩුකළා පලවෙනි අයවැයෙන්. නමුත් මෙම අයවැයෙන් කිසිම සහනයක් ජනතාවට නැහැ. ජනතාව බලාගෙන ඉන්නේ පාලම් ගැනවත් පාරවල් ගැනවත් නෙමෙයි. ජීවත් වීමේ ප‍්‍රශ්නයට ආණ්ඩුවෙන් සහනයක් ලබාදෙනවාද කියලයි. අපි සමෘද්ධි සහනාධාරය වැඩිකළා. මහපොළ ශිෂ්‍යාධාරය රු.5000ක් දක්වා වැඩිකළා, වතු කම්කරුවන්ට පර්චස් 07ක ඉඩමක් ලබාදුන්නා, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකළා, ගෑස් මිල අඩු කළා. නමුත් මෙම අයවැයෙන් එවැනි සහන කිසිවක් නැහැ. තමුන්නාන්සේලා ගමට ගිහින් ජනතාවට මොනවාද කියන්නේ ? පසුගිය කාලය තුළ රැුකියාවල් ලක්ෂ දෙකක් පමණ අහිමි වෙලා තියෙනවා. ඒ වගේම සෑම රාජ්‍ය ආයතනයකම ආදායම 40 % කින් පමණ අඩුවෙලා තියෙනවා.

ඇත්ත වශයෙන්ම ඇයි ආණ්ඩුවට ජනතා සහන ලබාදෙන්න බැරි? මේ ආණ්ඩුව බලයට පත්වු විගස මාසයක් යන්න කලින් මහා පරිමාණයේ සමාගම් වලට බිලියන 600ක බදු සහන ලබාදුන්නා. ආණ්ඩුවේ ආදායම බිලියන 600කින් අඩුකරගත්තා. ඒක අපේ වරදක්ද ? ආණ්ඩුවට උදව් කළ සමාගම් වලටයි ඒ සහන ලබාදුන්නේ. දැන් ඒ සමාගම් කියන්නේ මොකක්ද ? මේ අවුරුද්දේ බදු විතරක් නෙමේ ලබන අවුරුද්දේ බදු මුදලූත් ගෙවන්න බෑ කියලා. මේ සමාගම් වලට බිලියන 600ක සහන ලබාදීලා ආණ්ඩුවට ලැබුණ සහනය මොකක්ද ? ඒ බිලියන 600 තිබුණානම් ආණ්ඩුවට ජනතා සහන ලබාදෙන්න තිබුණා.

දැන් දේශීය ආර්ථිකය ගැන කථා කරනවා. හැම ආණ්ඩුවක්ම සල්ලි නැති උනාම තමා දේශීය ආර්ථිකය ගැන කථා කරන්නේ. 70, 77 සම`ගි පෙරමුණ ආණ්ඩුවත් දේශීය ආර්ථිකය ගැන කථා කලා. මොකද ආණ්ඩුවට විදේශ විනිමය නෑ. විදේශ විනිමය නැති උනාම තමා දේශීය ආර්ථිකය මතක් වෙන්නේ. වත්මන් රජය, රජයේ ආදායම බිලියන 400 ක් අඩුකර ගත්තා. දැන් ඒ සල්ලි නැති කරගත්තම විදේශ රටවල් සමග ගනු දෙනු කරන්න බෑ. භාණ්ඩ ගේන්න බෑ. එතකොට තමා දේශීය ආර්ථිකය මතක් වෙන්නේ. බලන්න තව ටික කාලයක් යනකොට මොකද වෙන්නේ කියලා. දැනටමත් පෝලිම්. සමූපකාරයේ බඩු නෑ. ජනතාව පෝලිමේ. සමහර සමූපකාර වහලා දාන්න යනවා. ඇත්තෙන්ම මේක තමයි වත්මන් රටේ තත්වය.

රාජ්‍ය සේවකයන්ට අපි රු:10,000 කින් පඩි වැඩි කෙරුවා. නමුත් වත්මන් රජය මොකක්ද රාජ්‍ය සේවකයන්ට දීලා තියෙන තෑග්ග? රැුකියාවෙන් පස්සේ ඕනේනම් තව රැකියාවක් කරන්න අවස්ථාව ලබාදීලා. උදේ 9 ඉදලා හැන්දෑවේ 4 වෙනකම් කාර්යාලයේ වැඩ කරලා තව රැකියාවක් කරන්න පුළුවන්ද ? එතකොට ගෙදර රස්සාව කරන්නේ කවුද. මේවා තනිකරම විහිළු.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණ ප‍්‍රකාශණයේ කිව්වා වනාන්තර 30% ක් වැඩි කරනවා කියලා. නමුත් මොකක්ද කරලා තියෙන්නේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් අක්කර ලක්‍ෂ 07 ක් ප‍්‍රාදේශීය හා දිස්ති‍්‍රක් ලේකම් යටතට පවරලා. මොකක්ද මෙහි යටි අරමුණ? මේවා බෙදලා දාන්නයි මේ හදන්නේ.

ආණ්ඩව නිතරම බැදුම්කරය හා පාස්කු ප‍්‍රහාරය ගැන කථා කරනවා. දැන් අවුරුද්දක් බලයේ හිටියා කෝ බැදුම්කරයට සම්බන්ධ අයට නඩු දැම්මද. බැදුම්කරය ගනුදෙනුවේ යම් ප‍්‍රශ්ණයක් තිබුනා. මන් නෑ කියන්නේ නෑ. නමුත් ඒ සම්බන්ධ අයගේ ගිණුම්වල ඒ මුදල් තහනම් කරලා තියෙනවා. බිලියන 11 ක් ඒ මුදල් නැවත ලබාගන්න පුළුවන්. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, දැන් නිදහසට කරුණු අවශ්‍ය නෑ. ඡන්දය කාලේ මොකද කිව්වේ. කේ.පී ගෙනාවා වගේ කණෙන් ඇ`දන් එනවා කියලා කිව්වා. එහෙමයි කිව්වේ. අනිත් කරුණ තමයි පාස්කු ප‍්‍රහාරය. ඇත්තටම මේක ටෙලි ඩ‍්‍රාමා එකක්. පොලිස්පති යනවා සාක්‍ෂි දෙනවා හිටපු ජනාධිපති , ආරක්‍ෂක ලේකම්, හිටපු අගමැති සාක්‍ෂි දෙනවා.නමුත් අති උතුම් කාදිනල්තුමා මෙතෙක් ඇහුවේ එක ප‍්‍රශ්ණයයි, බෝම්බ තියපු අය ඇල්ලූවද ? මේ අයට අල්ලන්න බෑ. උවමනාවකුත් නෑ. මොකද පාස්කු ප‍්‍රහාරය නිසයි මේ අය බලයට පත්වුනේ. මම අභියෝග කරනවා මොකද මේ කාරණා දෙක නිසයි මේ අය බලයට පත් වුනේ. නමුත් බලයට පත්වුනාම කියපු දේවල් කරන්නේ නෑ.

– මාධ්‍ය ඒකකය

No comments

Ads Place