Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

කොළඹ විශ්ව විද්‍යාලයේ පැත්තක් ලොක්ඩවුන්…

  කොළඹ විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයේ සිසුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි. ඒ හේතුවෙ...

 


කොළඹ විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයේ සිසුන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.

ඒ හේතුවෙන් වෛද්‍ය පීඨ සිසුන් සහ සිසුවියන් රැඳී සිටින නේවාසිකාගාර දෙකක් සම්පූර්ණයෙන්ම හුදකලා කර ඇතැයිද ඔවුන් පවසයි.

කෙසේ වෙතත් මෙම වසංගත තත්ත්වයේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිපාලනය ඇතුළු බලධාරීන් කටයුතු කර ඇත්තේ වගකීම් රහිතව බවත් එනිසා සිසුන් විශාල පිරිසක් අවදානමක ඇති බවත් ඔවුන් පෙන්වාදෙයි.

මේ බව සදහන් කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් දෙදෙනෙකුට කෝවිඞ් 19 ආසාදනය වීම පිළිබඳව.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන් දෙදෙනෙකුට කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී තිබේ. මේ වන විට වෛද්‍ය පීඨයේ සිසුන් සහ සිසුවියන් රැඳී සිටින නේවාසිකාගාර දෙකක් සම්පූර්ණයෙන්ම හුදකලා කර ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිපාලනය ඇතුළු බලධාරීන් මෙහිලා කටයුතු කර තිබෙන්නේ ඉතා වගකීම් විරහිතව වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිසුන් විශාල පිරිසක් අවදානමට පාත්‍ර වී තිබේ.

කොළඹ වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුන් 200 ක පමණ ප්‍රමාණයක් සිටී. විශ්වවිද්‍යාල වසා දැමූ තත්ත්වයක් පැවතියද වෛද්‍ය පීඨවල අවසන් වසර සිසුන් සඳහා සායනික පුහුණු අඛණ්ඩව පැවැත්වෙන අතර නේවාසිකාගාරවල රැඳී සිටිමින් ඔවුන් සායනික කටයුතු සඳහා සම්බන්ධ වේ. වසංගත අවදානමක් රට පුරා පැතිර යන මොහොතක සායනික පුහුණුව සඳහා දෛනිකව රෝහල්වලට යන වෛද්‍ය සිසුන් කෝවිඞ් රෝගීන් හා සම්බන්ධ වීමේ ප්‍රවනතාව ඉතා ඉහළය. ඔවුන් බොහෝ දෙනා පොදුවේ නේවාසිකාගාර පරිහරණය කරමින් එකට වාසය කරති. විවිධ අවශ්‍යතා සපුරාගැනීම සඳහා පොදු සමාජය හා ගැටෙති. පුහුණුව ලබන රෝහලේ විවිධ වාට්ටුවලට ගොස් රෝගීන් හා සමීපව ගණුදෙනු කරති. විශේෂයෙන්ම වසංගත තත්ත්වයේ වර්ධනයත් සමඟ දැන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටත් වෛරසය ආසාදනය වීම ආරම්භ වී ඇත. එය වසංගතය පැතිර යාමේදී සලකා බැලිය යුතු එක් තීරණාත්මක කඩඉමකි. එවන් වටපිටාවක සායනික පුහුණු සඳහා රෝහල් කරා යන ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව සම්බන්ධව වගකීමක් සහිතව බලධාරීන් කටයුතු කළ යුතුය. සියලු විශ්වවිද්‍යාල වසා දමා තිබෙන මොහොතක වෛද්‍ය සිසුන්ගේ හා සම සෞඛ්‍ය සිසුන්ගේ සායනික පුහුණු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කරන්නේ ඔවුනගේ අවසන් වසර විභාග කටයුතු අවසන් කිරීම සඳහාය. වසංගත තත්ත්වයක් පැතිර යද්දී, විශේෂයෙන් වෛද්‍ය සිසුන්, සම සෞඛ්‍ය පීඨවල සිසුන් රෝහල් තුළ කටයුතු කිරීම නිසා සෘජු අවදානමකට මුහුණ දෙන බව බලධාරීන් නොදැනුවත් යැයි කිව නොහැකිය. එහෙයින් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු අවසන් කිරීමට මෙන්ම එසේ කිරීමට යාමේ දී ඔවුනගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධවද වගකීම් සහගත වන්නට බලධාරීන්ට හැකි විය යුතුය. නමුත් කොළඹ වෛද්‍ය පීඨය ආශ්‍රිත සිදුවීමෙන් පෙනී යන්නේ කෙසේ හෝ විභාග අවසන් කොට සිසුන් පිටත් කිරීම කෙරෙහි මිස ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව අබමල් රොණක තරම් වගකීමක් විශ්වවිද්‍යාල පරිපාලනයත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් ඇතුළු බලධාරීන් භාරගෙන නොමැති බවයි.

කොළඹ ජාතික රෝහලේ කෝවිඞ් 19 ආසාදිත බවට සැක සහිතව රඳවා සිටින රෝගීන් 08 දෙනෙකුට කෝවිඞ් ආසාදනය වී ඇති බව පසුගිය 14 වැනි දින තහවුරු වී තිබේ. සායනික පුහුණු කටයුතු සඳහා මෙම වාට්ටුවට පැමිණි වෛද්‍ය සිසුන්ට මේ බව දන්වන්නේ 15 වන සඳුදා වන අතර තමන් කුමන රෝගීන් සමීපයට ගියේදැයි ලිඛිතව ලබා දෙන මෙන් ඔවුන්ට පවසා තිබේ. (එයම ගැටලු සහගතය. සෑම රෝගියෙකුටම සමීපව කටයුතු කරන වෛද්‍ය සිසුන් තමන් කුමන කුමන රෝගීන් සමීපයට ගියේදැයි නිවැරදිව මතකයෙන් පවසන්නේ කෙසේද?) ඒ අනුව ඍජු ආශ්‍රිතයන් බවට හඳුනාගත් සිසුන් දස දෙනෙකු පසුගිය 16 වන දින PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. එම සිසුන් දස දෙනා අතරිනුත් එක් සිසුවෙකු පමණක් රඳවාගෙන අනෙක් සිසුන් පිටත් කොට ඇති අතර පසු දින සිට ඔවුන් නැවත සායනික පුහුණු සඳහා ද සහභාගී කරවා තිබේ. 17 දින නැවත සිදු කළ PCR පරීක්ෂණවලින් පසු පෙර රඳවාගත් සිසුවාට කෝවිඞ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර ඒ අනුව සියලු සිසුන් නේවාසිකාගාරවල රඳවා හුදෙකලා කොට තිබේ. දැන් අද දවසේ (20) අනෙක් සිසුන්ගේ PCR පරීක්ෂණ ප්‍රතිඵලද පැමිණ ඇති අතර එමගින් තවත් සිසුවෙකු ආසාදිත බවට තහවුරු වී ඇත. ඒ අනුව තත්ත්වය වඩාත් සංකීර්ණ වී තිබේ.

ප්‍රතිකාර කටයුතුවල නිරත සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා අනිවාර්යයෙන්ම සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් (PPE) ලබාදිය යුතු අතර රජය විසින් එම වගකීම පැහැර හැර සෞඛ්‍ය කාර්යමණ්ඩල අවදානමකට ඇද දමා ඇති බව අ.වි.ශි.බ.ම විසින් මින් පෙර ද ජනාධිපතිවරයාගේ පටන් සියලු බලධාරීන් දැනුවත් කර තිබේ. නමුත් ඒ පිළිබඳව කිසිඳු තැකීමකින් තොරව මේ මොහොතේත් කටයුතු සිදු වෙමින් තිබෙන අතර සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ප්‍රතිකාර කටයුතුවලට අමතරව අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පළඳනා (PPE) සකසා ගැනීමටත් කාලය වැය කිරීමට සිදුව තිබේ. 2021 අයවැය තුළින් ද සෞඛ්‍ය ප්‍රතිපාදන රු. බිලියන 20 ක් කප්පාදු කර ඇති අතර වසංගත තත්ත්වය මෙතරම් උග්‍රව පැතිර යන මොහොතකත් රජය වගකීම් විරහිතව කටයුතු කරන බවට තවත් කරුණු අවශ්‍ය නැත. වෛද්‍ය පීඨවල සායනික කටයුතු සඳහා සම්බන්ධ වන සිසුන් අනාරක්ෂිත වන්නට මෙයද ප්‍රබල හේතුවක් වී තිබේ. කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන්ට ගතවූ මුළු කාලය පුරාවටම ලබා දී ඇත්තේ ඉටි කොළවලින් සැකසූ ආරක්ෂිත ඇඳුම් 01ක් සහ මුව ආවරණ 03ක් පමණි. ඉටි කොළවලින් සැකසූ එම ආරක්ෂිත ඇඳුම ද භාවිතා කළ හැක්කේ එක් දිනක් පමණක් වන අතර භාවිතයෙන් පසු ඒවා විනාශ කළ යුතුය. විශ්වවිද්‍යාල පරිපාලනය සිසුන්ට පවසා ඇත්තේ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් සිසුන් විසින් මිලදී ගත යුතු බවයි. එම ඉටි කොළවලින් සැකසූ සෞඛ්‍යාරක්ෂිත ඇඳුමක මිල රු.750ක් වන අතර ඒවා දෛනිකව මිලදී ගැනීමට ගියේ නම් සිසුන්ට එක් මාසයකට අවම රු. 22500ක් වැය කිරීමට සිදුවේ. එය කිසිසේත් සිසුන්ට දරාගත හැක්කක් නොවන අතර ඒ හේතුවෙන් බොහෝ සිසුන්ට එකම ඇඳුම සෝදා දින ගණනක් පරිහරණය කිරීමට සිදුව තිබේ. රජය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, කොළඹ විශ්වවිද්‍යාලයේ පරිපාලනය සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධව අංශු මාත්‍රයක තැකීමකින් තොරව කටයුතු කර ඇති බව එමගින්ම පැහැදිලි වේ. මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස දැන් සිසුන් කෝවිඞ් 19 ට නිරාවරණය වී ඇති අතර සිසුන් දෙදෙනෙක් ආසාදිතයන් බවට පත්ව තිබේ.

මෙම තත්ත්වය කොළඹ වෛද්‍ය පීඨයට පමණක් අදාළ වන්නක් නොවන අතර සෑම වෛද්‍ය පීඨයකම සිසුන් සායනික කටයුතු සඳහා සම්බන්ධ වේ. සම සෞඛ්‍ය පීඨවල සිසුන් ද එසේම සායනික පුහුණු කටයුතු සඳහා සම්බන්ධ වේ. එම සියලු සිසුන්ට කටයුතු කිරීමට සිදුව ඇත්තේ ඉතා අනාරක්ෂිතව වන අතර ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම රජය විසින් භාරගත යුතුය. නමුත් පෙනෙන්නට තිබෙන්නේ රජය වෛද්‍ය සිසුන්, සම සෞඛ්‍ය සිසුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවල වගකීම තබා දිනකට රෝගී මරණ කිහිපයක්ම වාර්තාවන තත්ත්වයක් පවතින මොහොතකත් වසංගතය පිළිබඳව කිසිඳු තැකීමක් නොකර අත්තනෝමතිකව කටයුතු කරන බවයි. රජය කරන්නේ මෙවන් සිදුවීම් පිලිබඳ තොරතුරු ජනතාවගෙන් වසන් කොට සඟවා තබා ගැනීමට උත්සාහ කිරීම පමණි. එහෙයින් දැන්වත් ජන ජීවිත අනතුරේ නොදමා වසංගතය පිළිබඳව වගකීම් සහගතව කටයුතු කරන ලෙස සියලු ජනතාව විසින් රජයට බල කර සිටිය යුතුය. සෞඛ්‍යයට අයවැයෙන් ප්‍රතිපාදන කපා දැමීම නොව මේ මොහොතේ වගකීම් සහගතව කටයුතු කරන රජයක් විසින් කළ යුත්තේ තවත් වැඩිපුර ප්‍රතිපාදන වෙන් කොට වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට කටයුතු යෙදීමයි. ජනතාව ආරක්ෂා කිරීම කෙසේ වෙතත් අවම වශයෙන් වෛද්‍ය සිසුන්ට මුව ආවරණයක් ලබාදීමටවත් රජය අසමත්ව සිටී. එහෙයින් වහාම සියලු වෛද්‍ය පීඨවල, සියලු සම සෞඛ්‍ය පීඨවල සිසුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කළ යුතු බවත් ඒ සඳහා වහාම මැදිහත් විය යුතු බවත් අප රජයට අවධාරණය කර සිටිමු.

lankacnews

No comments

Ads Place