Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අරගලකරුවන්ට නොමිලේ නීති සහය ඉවරයි

ගාලුමෝදර විරෝධතාවය මූලික කරගෙන අත්අඩංගුවට ගන්නා ලද විරෝධතා කරුවන් සඳහා මුලින් නොමිලේ පෙනී සිටි නීතිඥයන් දැන් මුදල් අය කරමින් සිටින බව වාර්තා...

ගාලුමෝදර විරෝධතාවය මූලික කරගෙන අත්අඩංගුවට ගන්නා ලද විරෝධතා කරුවන් සඳහා මුලින් නොමිලේ පෙනී සිටි නීතිඥයන් දැන් මුදල් අය කරමින් සිටින බව වාර්තාවෙයි.

මුලින් අරගලකරුවන් වෙනුවෙන් මුදල් අය නොකර නීතිඥයන් විශාල පිරිසක් එකවර පෙනී සිටියද ප්‍රමුඛ අද වන විට ඔවුන් නොමිලේ පෙනී සිටීම අතහැර දමා ඇත.

මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සහ අත්අඩංගුවට ගෙන සිටින සහ අත්අඩංගුවට ගන්නේ යැයි සැක සහිත අය සඳහා නීතිඥ සහාය ලබා ගැනීමේ දී නීතිඥයන් විසින් තම ගාස්තු සාමාන්‍ය පරිදි අය කරමින් සිටිති.

ඒ හේතුවෙන් ඇතැම් අරගලකරුවන් මූල්‍ය අපහසුතාවට පත්ව සිටින බවද වාර්තා වී වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය හැසිරීම සම්බන්ධයෙන් ද එම සංගමයේ ඇතැම් පාර්ශව විසින් ප්‍රශ්න කර තිබේ. එහි කණ්ඩායමක් විසින් සංගමයේ ලේකම්වරයාට දන්වා ඇත්තේ නීතීඥ සංගමයේ ඇතැම් සාමාජිකයන් පසුගිය දිනවල වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝණය කිරීම් කිරිමෙන් හැසිරී ඇති බවයි.

 

No comments

Ads Place