Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පිරවුම්හල්වල ජාවාරමක්..ලීටරයට 700ක් දෙනවා නම් ෆුල් ටෑන්ක්

හැටන් ඉන්දන හලක සිදුකරනු ලබන ඉන්දන මාෆියාවක් හේතුවෙන් මෙම ප්‍රදේශයේ රථ වාහන හිමියන් විවිධ අසීරුතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක...

හැටන් ඉන්දන හලක සිදුකරනු ලබන ඉන්දන මාෆියාවක් හේතුවෙන් මෙම ප්‍රදේශයේ රථ වාහන හිමියන් විවිධ අසීරුතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ රථ වාහන හිමියන් කිප දෙනකුම පවසන ලද්දේ මෙම ඉන්ද හලේ පොම්පවල සේවය කරන දෙතුන් දෙනකු විසින් මහ පරිමාණයෙන් ඉන්දන මාෆියාවක් පවත්වා ගෙන යන බවත්ය.

මොවුන් තම රථ වාහනවලට ඩිසල් හා පෙට්‍රල් ලබා ගැනිමේදි සිමා පනවන බවත් වැඩි පුර මුදල් ලබා දෙන්නේ නම් ඩිසල් පෙට්‍රල් ඉල්ලන තරම් ලබා දිමට එම සේවකයන් පියවර ගන්නා බවත්ය.

මේ පිලිබදව අදහස් දැක්වු පුද්ගලික බස් රථ හිමියකු පවසන ලද්දේ තමන් තම බස් රථයට ඩිසල් ලබා ගැනිමට ගිය අවස්ථාවේ රුපියල් දස දහාසක ඩිසල් ලබා දුන් බවත් ඩිසල් ලීටරයක් සදහා රුපියල් 700 බැගින් ගෙවන්නේ නම් ඩිසල් බස් රථයට පුල් ටැන්ක් ලබා දිමට හැකි බව එම ඉන්දන හලේ සේවකයකු පැවසු බවත්ය.

මෙම මාෆියාව පිලිබදව අදහස් දැක්වු තවත් පුද්ගලයක් පවසන ලද්දේ ඩිසල් වැන් රථයක් හිමි අයකුට බුලීවලට පෙට්‍රල් වැඩි මිලට මෙහි සේවකයන් විසින් ලබා දිමට පියවර ගත් බවත් සමන‍්‍ය අයකු බුලීවලට ඩිසල් හා පෙට්‍රලර් ලබා ගැනිමට ගිය විට එම පිරිසට බුලීවලට ඩිසල් පෙට්‍රල් ලබා නොදිමට මෙම සේවකයන් පියවර ගන්නා බවත්ය.

මෙම ඉන්දන හලේ ආරක්ෂාව සදහා පොලිසිය මෙන්ම යුධ හමුදා නිලධාරින් සිටියද ඔවුන්ගේද ඇස් වසා මෙම පිරිස් සිදු කරනු ලබන මෙම ඉන්දන මාෆියාව පිලිබදව අදාල බලධාරින්ගේ කඩිනම් අවදානම යොමු කල යුතු බවද එම පිරිසක් වැඩි දුරටත් පවසති

 

No comments

Ads Place