Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අරුන්දික කියන්නේ බොරු- ගුවන් හමුදාව කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස හෝ කැඩෙට් නිලධාරියෙකු ලෙස සේවය කර...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු ලෙස හෝ කැඩෙට් නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවට කළ ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රතික්ෂේප කරයි.

ගුවන් හමුදාව මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ කියා සිටියේ මන්ත්‍රීවරයා ගුවන් හමුදාවේ සේවය කළ බවට මෙතෙක් වාර්තා ලැබී නොමැති බවයි.

පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී මැර පිරිසක් තම නිවසට ගිනි තැබීම හේතුවෙන් තම නිවස සහ තමන්ගේ ගුවන් හමුදා පියාසර සටහන් ඇතුළු වැදගත් ලියකියවිලි කිහිපයක් විනාශ වූ බව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා වරක් පියාසර යෝග්‍යතා පරීක්ෂණයට සහභාගි වී ඇති අතර එහිදී ඔහු අසමත් වූ බවත් පැවසූ ගෲප් කපිතාන් විජේසිංහ කියා සිටියේ මන්ත්‍රීවරයා කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වූ බවටද වාර්තා නොමැති බවයි.

 

No comments

Ads Place