Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහින්දානන්දගේ කාර්‍යාලයට පහර දුන් 10ක් බාර වෙයි

නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තවත් සැකකරුවන් ද...

නාවලපිටිය නගර මධ්‍යයේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තවත් සැකකරුවන් දස දෙනෙක් (17) දින නාවලපිටිය පොලිසියට භාර විමෙන් අනතුරුව එම සැකකරුවන් දස දෙනා නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුහ.

නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල සැකකරුවන් දස දෙනාට රු ලක්ෂය බැගින් පුද්ගලික ශරිර ඇප මත මුදා හැර යලිත් මෙම නඩුව 2022.06.27 දින කැදවිමට නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලවිර මහතා නියෝග කලහ.

සැකකරුවන් දස දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්තාවේ නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේ නිතිඥවරුන් 08 දෙනෙකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන් වෙත ශරිර ඇප ලබා දි ඇත.

ඉකුත් (09) දින නාවලපිටිය නගර මධ්‍යයේ පැවති උද්ඝෝෂණයකදි කිසියම් පිරිසක් විසින් නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයට පහර දි අලාභ හානි සිදු කල බවට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් පහර දිමට සම්බන්ධ සැකකරුවන්ගේ නම් සහිතව නාවලපිටිය පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

එම සිද්ධිය සම්බන්ධයෙන් මිට ප්‍රථම නාවලපිටිය පොලිසිය විසින් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරුවන්ටද පුද්ගලික ඇප මත මුදා හැරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

 

No comments

Ads Place