Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලංකාවේ ඉන්න බෑ කියා ඉන්දියාවට පනින්න හැදූ පිරිසක් අල්ලයි

ඉන්දියාවේ තමිල්නාඩු, රාමේෂ්වරන් සහ ධනුෂ්කොඩි මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලුවීඹට ආ උතුරේ වැසියන් 18 දෙනෙකු ඊයේ (21) දින එරට ආරක්ෂක අංශ භාරය...

ඉන්දියාවේ තමිල්නාඩු, රාමේෂ්වරන් සහ ධනුෂ්කොඩි මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලුවීඹට ආ උතුරේ වැසියන් 18 දෙනෙකු ඊයේ (21) දින එරට ආරක්ෂක අංශ භාරයට පත්වී ඇති බවට වාර්ථා වෙයි.

ගතවූ මාර්තු මස 22 වනදා සිට මේ දක්වා උතුරු පලාතේ පිහිටි මුහුදු තීරයන් ඔස්සේ ඉන්දියාවට ගිය ප්‍රමාණය 60 ක් දක්වා වැඩි වී ඇතැයිද එරට ආරක්ෂක අංශ විසින් වැඩි දුරටත් පෙන්වා දෙයි.

මේ අතර ඊයේ දින රාමේෂ්වරන් මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුල්වී ආරක්ෂක අංශ භාරයට පත්ව ඇත්තේ යාපනය නීර්වේලි ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සිව් දෙනෙකු සහ එම ප්‍රදේශයේම පදිංචි තවත් පුද්ගලයෙක් බවට හඳුනා ගෙන ඇත.

මන්නාර ප්‍රදේශයේ පවුල් 3 ක ගැබිනි කාන්තාවක් ඇතුලු පුද්ගලයින් 13 දෙනෙකු ඊයේ (21) දින ධනුෂ්කොඩි ප්‍රදේශයට අනවසරයෙන් ඇතුල් වී සිටයදී හඳුනාගනු ලැබීය.

මෙලෙස දිනෙන් දින ඉන්දියාවට පලා යන පිරිස් එරට ආරක්ෂක අංශ වෙතට පවසා ඇත්තේ ශ්‍රීලංකාවේ පවතින දැඩි ආර්ථික අගහිගකම් හේතුවෙන් තමන්ට ජීවත් වීමට නොහැකි වීම මත මෙලෙස ගෙවල් දොරවල් දමා පැමිණි බවටය.

කිසිදු ආරක්ෂාවක් නොමැතිව කුඩා යාත්‍රාවල ගැබිනි කාන්තාවන් ඇතුලු කුඩා ළමුන්ද රැගෙන මුහුදු ගමන් ඔස්සේ ඉන්දියාවට පැමිණීම දැඩි අවධානම් තත්වයක් බවටත් පැමිණි පිරිස් සරණාගත කඳවුරු වෙතට යොමු කිරීමට පියවර ගෙන ඇති බවටද ඉන්දීය ආරක්ෂක අංශ විසින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

 

No comments

Ads Place