Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වාසුටත් මධ්‍යම කාරක සභාවක්: මධ්‍යම කාරක සභාවෙන් වාසුට නියෝගයක්

වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මධ්‍යම කාරක සභාව රැස්වී තීන්දු 2 ක් ගෙන තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ...



වාසුදේව නානායක්කාර මහතා නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මධ්‍යම කාරක සභාව රැස්වී තීන්දු 2 ක් ගෙන තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.


ඒ වාසුදේව නානායක්කාර මහතා දරන ජල සම්පාදන කැබිනට් අමාත්‍ය ධුරය සම්බන්ධයෙන්.


ඇමැති ගත් තීන්දුව


තමා කැබිනට් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙන්නේ නැති බවත් එහෙත් තමා කැබිනට් මණ්ඩල රැස්වීම් වලට හෝ අමාත්‍ය ධූරයේ වැඩ කටයුතු වලට සහභාගී නොවන බව මීට ටික දිනකට පෙර ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ 11 පැවැත්වූ මාධ්‍ය හමුවේදී නානායක්කාර මහතා අනාවරණය කළා.


ඒ තම කිට්ටු සගයින් දෙදෙනා වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කිරීම වැරැද්දක් බැවින් එය නිවැරදි කර ගැනීම සඳහා ආණ්ඩුවට බල කිරීමට.


ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීන්දු කොට තිබෙන්නේ නානායක්කාර මහතා කැබිනට් මණ්ඩල රැස්වීම් වලට සහභාගී නොවීමට ගත් තීන්දුව නිවැරදි බවටයි.


අනුමත නොකල කාරණය


එහෙත් ජල සම්පාදන ඇමති ධූරයේ වැඩ කටයුතු වලින් බැහැරව සිටීම ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මධ්‍යම කාරක සභාව අනුමත කරන නැහැ.


ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් හා සිය කණ්ඩායම බලාපොරොත්තුවන ප්‍රතිචාරය පිළිබඳව දන්වමින් ජනපතිවරයාට ලිපියක් යැවීමටත් එහි පිටපතක් අගමැතිවරයා වෙත යැවීමටත් එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.


ඒ කරුණු කොට නානායක්කාර මහතා ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමටත් තීන්දු කර අවසන්.


නානායක්කාර මහතාට හිමිව තිබෙන්නේ ආණ්ඩු පක්ෂයේ පළමු පේළියේ වමේ සිට අවසාන අසුන වන 20 වෙනි අසුනයි.

No comments

Ads Place