Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රීලනිපය කොටු කල ජනපතිගේ තැනේ හැටියට ඇණේ ගැහිල්ල

ජනපතිවරයා විසින් ඇමති ධුරවලින් වලින් ඉවත් කළ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් මේ වන විට විශ්වාසය තබා තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක...



ජනපතිවරයා විසින් ඇමති ධුරවලින් වලින් ඉවත් කළ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන මහත්වරුන් මේ වන විට විශ්වාසය තබා තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගැනයි.


වීරවංශ හා ගම්මන්පිල යන දෙපල රැකගන්නා බවට සිරිසේන මහතාද ඔවුන් දෙපළට මේ වන විට පොරොන්දුවක්ද දී තිබෙනවා.


ශ්‍රීලනිප ස්ථාවරය


එපමණක් නොව ශ්‍රී.ල.නි.පය නියෝජනය කරන ඇමැති දෙපළ වන නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර මහත්වරුන් සිය කැබිනට් ඇමති ධුරවලින් ඉවත් වෙනු ඇති බවටද මත පළ වුණා.


එහෙත් ඒ සියල්ල දැන් කණපිට පෙරලී තිබෙන්නේ ජනපතිවරයා ගත් පියවරක් නිසා.


ජනපතිගේ යෝජනාව


ඒ වීරවංශ හා ගම්මන්පිල යන මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කිරීම නිසා නිර්මාණය වූ දේශපාලන අර්බුදයේ උණුසුම් අස්සේම ශ්‍රී.ල.නි.පයට සාකච්ඡාවක් සඳහා ආරාධනා කිරීමයි.


ශ්‍රීලනිපයට ආණ්ඩුවත් සමග තිබෙන ප්‍රශ්න සාකච්ඡා කිරීමට ජනපති කළ එම ආරාධනය පිළිගත් ශ්‍රී.ල.නි.පයේ ඉහළ නායකත්වය ඉකුත් අඟහරුවාදා එම සාකච්ඡාවට සහභාගි වී යෝජනා මාලාවක් ඉදිරිපත් කළා.


ඒ පවතින ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා.


තැනේ හැටියට ඇණේ


ඒ අවස්ථාවේ තැනේ හැටියට ඇණේ ගැසූ ජනපතිවරයාට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම සඳහා යෝජනා කළා.


ඒ අනුව එළඹෙන 23 දින සර්ව පාක්ෂික සමුළුව පැවැත්වීමට නියමිතයි.


ශ්‍රී.ල.නි.පයද මේ වන විට එම සර්වපාක්ෂික සමුළුව කොටස්කරුවන්.


සතුටට පත් ඇමතිවරු


එනිසා ඔවුන්ට ආණ්ඩුවෙන් ඉවත් වීම හෝ ඇමතිකම් වලින් ඉවත් වීම පිළිබඳව කඩිනමින් තීරණයක් ගැනීමට බැහැ.


ඒ නිසා මේ සර්ව සර්වපාක්ෂික සමුළුව ගැන වඩාත් සතුටින් කතා කරන්නේ ආණ්ඩුව තුළ සිටින ශ්‍රී.ල.නි.ප ඇමතිවරුන් දෙදෙනා වල නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර යන මහත්වරුන්.


දැන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට වුවත් තැන තැන කරන යෝජනා සර්ව පාක්ෂික සමුළුවට ඉදිරිපත් කළ හැකි බවයි අමරවීර ඇමතිවරයා කියන්නේ.


යකා බැඳ ගැනීම


සර්ව පාක්ෂික සමුළුව එක දිනකින් අවසන් වන ඒවා නොව බොහෝ කාලයක් ඇදෙන ඒවායි.


මේ නිසා ශ්‍රී.ල.නි.පයටත් දැන් යකා බැඳ ගත්තා සේ සර්ව පාක්ෂික සමුළු අවසන් වන තෙක් ආණ්ඩුවේ රැඳී සිටීමට සිදුවනවා.

No comments

Ads Place