Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පුංචි ජන්දයෙන් රට බංකොලොත් වීම ඉක්මන් වෙනවා..-පාඨලී

පුංචි ඡන්දයට වියදම් කොට රට බංකොලොත් වුවහොත් නැවත ඡන්ද තැබීමට රටක් ඉතිරි නොවනු ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ...

පුංචි ඡන්දයට වියදම් කොට රට බංකොලොත් වුවහොත් නැවත ඡන්ද තැබීමට රටක් ඉතිරි නොවනු ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

වැඩිදුරත් අදහස් දැක්වූ රණවක මහතා;

“රාජ්‍යයක් පවත්වාගෙන යාමට ඉතා අත්‍යාවශ්‍ය කාරණයක් තමයි බදු. රාජ්‍යය පවත්වා ගැනීමට අවශ්‍ය කරන යටිතල පහසුකම්, ආරක්ෂාව, සුබසාධනය කිරීම සඳහා බදු අත්‍යාවශ්‍ය වෙනවා. ඒ බදු එකතු කර ගැනීම ප්‍රධාන වශයෙන්ම ඇතිවෙන මූලධර්මයක් තමයි රටේ ආර්ථික තත්ත්වයට සාපේක්ෂව රටේ දළ දේශීය නිෂ්පාදනයට සහ ඒ බදු වල වටිනාකම වැඩි කර ගැනීම, සමාජ සුබසාධනය /සමාජ සාධාරණත්වය ඉටුවන ආකාරයට බදු අයකර ගැනීම. මේ රටේ මේ දෙකම අද උල්ලංඝනය වෙලා තියෙනවා.” 1978 දී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 27% – 28% වූ බදු ආදායම අද 10% දක්වා අඩු වී තිබේ. අද සමාජ සාධාරණත්වය බදුවලින් කිසිම ආකාරයකට නිරූපණය නොවේ.  සෘජු බදු මේ රටේ බදු ආදායමෙන් 18% කි. සියළුම ජනතාව ගෙවන බදු 82% කි.

මේ මූලධර්ම දෙකම කඩාකප්පල් වීමේ ප්‍රතිඵලයක් හැටියට අද දැවැන්ත රාජ්‍ය මූල්‍ය අර්බුදයක් ඇති වී තිබේ.


“රටේ මූල්‍ය නියාමනය කරන ප්‍රධාන ආයතනය වන මහ බැංකුවේ මුල් සතියේ තත්ත්වය එහි ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය සෘණ ඩොලර් මි. 1.9යි. විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2278යි. චීනයෙන් ලබාගත්ත අතමාරුව අත්හැරියාට පස්සේ ඩොලර් මිලියන 500 කට මදක් වැඩි ප්‍රමාණයක් තමයි අපේ අද පරිහරණය කළ හැකි. ඩොලර් බවට පරිව‍ර්තනය කළ හැකි විදේශ වත්කම් ප්‍රමාණය තිබෙන්නේ. ඒ විතරක් නෙමෙයි. පෙබරවාරි 3 වෙනිදාට රුපියල් හිඟය රු. බිලියන 579 ක්. මෙන්න මෙවැනි ආකාරයේ මූල්‍ය අර්බුදයක් විදේශ ධනය නැති වීමෙන් පමණක් නෙමෙයි රුපියල් නැති වීමෙත්, දැවැන්ත මූල්‍ය අර්බුදයක තමයි මහ බැංකුව තියෙන්නේ. රාජ්‍ය බැංකු ඇතුළු සියලුම බැංකු පද්ධතියේ තත්ත්වයත් එසේමයි. රජයට ණය දීලා තිබෙනවා මේ රටේ බැංකු පද්ධතිය ආසන්නයෙන්, මේ අවුරුද්දේ ජනවාරි මාසේ වෙනකොට ට්‍රිලියන 4.1 ක්. රාජ්‍ය ආයතන වලටම ණය දීලා තියෙනවා, ට්‍රිලියන 1.1 ක්. ඒ කියන්නේ ට්‍රිලියන 5.2 ක්, (බිලියන 5200) ක් ‍රාජ්‍ය බැංකු ආණ්ඩුවට ණය දීලා තියෙනවා. රාජ්‍ය බැංකු රටේ සහ අනෙකුත් බැංකු සියල්ලම එකතු වෙලා රටේ අනෙකුත් ලක්ෂ 220 ක් වන ජනතාවට සාපේක්ෂව ගත්තම සියලුම ණය ගනුදෙනු වලින් 51.2% ක්ම ණය දීලා තියෙන්නේ ආණ්ඩුවට. මේ රජය බලයට පත්වෙනකොට 2019 නොවැම්බර් මාසෙදි මේ ප්‍රතිශතය තිබුණේ 37.5%. ඒ නිසා අද බැංකු පද්ධතිය කියන්නේ ආණ්ඩුවට ණය දෙන පෙරලා ආණ්ඩුව විසින් සූරාකන තැනක් බවට පත්ව තිබෙනවා. මේ තුළින් රාජ්‍ය බැංකු පද්ධතිය පමණක් නොවෙයි සමස්ත බැංකු පද්ධතියම අද බරපතල අනතුරකට ලක්ව තිබෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ඇති කරලා තියෙන ඩොලර් අර්බුදය විසින් අද බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය මහ බැංකුවත් ඇතුළුව බිලියන සෘණ 4.5 යි. ඒ නිසා අතනින් මෙතන මිලියන 200 ක්, මිලියන 500 ක්, මිලියන 1000 ක් ඉල්ලගෙන අත මාරු කරගෙන යන්න පුළුවන් මට්ටමේ අර්බුදයක නෙවෙයි අපි ඉන්නේ. ස්වෛරී රාජ්‍ය බිඳ වැටීමක් ඉදිරියේ අපි අද ඉන්නේ.” සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට බදු ගැසීමෙන් සාමාන්‍ය ජනතාවට බර පටවනවාට අමතරව ​මුදල් අමාත්‍යවරයා විසින් වැඩ ලක්ෂයක් යෝජනා කොට තිබේ. මහාමාර්ග අමාත්‍යවරයා පසුගිය වසරේ මාර්ග කි.මි. ලක්ෂයක් කාපට් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළේය. සංවර්ධන වැඩ සිදු කළ යුතු වුවත්, පැනඩෝල් පෙත්තක්වත් ගේන්න මුදල් නොමැති නම් ඖෂධ 80 ක පමණ හිඟයක් පවතී නම්, රටේ කිරිපිටි හිඟයක් තිබෙනවා නම්, රටේ අනෙකුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් තියෙනවා නම්, රටේ සිමෙන්ති, යකඩ නැත්නම් රටට තෙල් ගෙන්න විදියක් නැත්නම්, විටින් විට පිරිපහදුව වැසෙනවා නම් තෙල් නැති නිසා බලාගාර වැසෙනවා නම් මේ සිදු කරන්නේ ඉක්මණින් පුංචි ඡන්දයක් කරා ගමන් කිරීම විය හැකි බව රණවක මහතා සැක පළ කළේය.

“පුංචි ඡන්දයක්  පැවැත්වීමේ අරමුණින් යුතුව මේ ආකාරයට මුදල් අච්චු ගහමින් එවැනි ආකාරයට උපයා ගන්නා මුදල් සාමාන්‍ය ජනතාවගෙන් සූරාගන්නා මුදල්වලින්, මේ ඡන්දය ඉලක්ක කරගෙන මෙවැනි දෑ කිරීම විසින් ආර්ථිකය, ස්වයංක්‍රීය බංකොලොත් භාවයකට වැටෙන්න යන ඒ වේගය වැඩි දියුණු කරගන්න එපා” යනුවෙන් හිටපු අමාත්‍යවරයා ආණ්ඩුවෙන් ඉල්ලීමක් ද කළේය.


 

No comments

Ads Place