Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපේ පක්ශයේ ආරක්ශාව හමුදා ආරක්ශාවටත් වඩා ප්‍රබලයි..-විජිත

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට එල්ල වූ මැර ප්‍රහාරය ළක්වා ගත හැකි වූයේ පක්ෂය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ගෙන යන නිසා බව...

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට එල්ල වූ මැර ප්‍රහාරය ළක්වා ගත හැකි වූයේ පක්ෂය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ගෙන යන නිසා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.

පක්‍ෂයේ සහෝදරයන්ගෙන් ලැබෙන ආරක්ෂාව හමුදා පුහුණුවෙන් ලබන ආරක්ෂාවට වඩා බලවත් බව ද හෙතෙම පැවසීය.

තම පක්ෂය ආරක්ෂා කරන්නේ ජනතාව බවද පැවසූ ඔහු ඊයේ දිනයේ එල්ල වූ ප්‍රහාරය පසුපස දේශපාලනය ඇති බවත් රටේ ජනතාව ඒ ගැන සත්‍ය දන්නා බවත් කියා සිටියේය.

ප‍්‍රහාරය පසුපස සිට පුද්ගලයන් කවුද යන්න එම ප්‍රහාරය සිදු කළ අය මේ වන විටත් පවසා ඇතැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අද පැවති ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.

 

No comments

Ads Place