Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෙසෙල්වත්ත ෆවාස් ඝාතන සැකකරුවන් අත්අඩංගුවට

කෙසෙල්වත්තේ ෆවාස්" නමැති පුද්ගලයාව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ...

කෙසෙල්වත්තේ ෆවාස්" නමැති පුද්ගලයාව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. 

එම සැකකරුවන් සතුව තිබී කඩු 4ක් සහ මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත.

කෙසෙල්වත්ත පොලිස් වසමේ පරණ යෝන් වීදියේ දී මොහොමඩ් කාමිල් මොහොමඩ් පවාස් නමැති පුද්ගලයා පසුගිය සෙනසුරාදා (04) රාත්‍රී 11ට පමණ කිසියම් පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර තිබුණි.

එම ඝාතනය සඳහා ඔවුන් පැමිණ තිබුණේ මෝටර් රථයකිනි.

 

No comments

Ads Place