Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ණය ගන්න IMF යන්නේ නෑ..ගියොත් අපි අමාරුවේ වැටෙනවා..

ආණ්ඩුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමට යන්නේ නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළේය. එක්සත් ජාතික...

ආණ්ඩුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමට යන්නේ නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා හෝ සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරන පරිදි උද්ගතව ඇති එක්සත් ජනපද ඩොලර් හිඟය පියවා ගැනීමට මේ ‍මොහොතේ රජය අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගන්නේ දැයි ‘කළ විමසුමකට පිළිතුරු දෙමින් අධිපතිවරයා ඉහත කරුණු අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අධිපතිවරයා, ශ්‍රී ලංකා රජයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය ගැනීමේදී විවිධ කොන්දේසිවලට යටත්වීමට සිදු වෙනවා. එම කොන්දේසි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නායකත්වය දරන ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්‍ම රටත් ජනතාවත් දිනවන ප්‍රතිපත්ති මාලාවට, එය සාර්ථකව ඉදිරියට ගෙනයෑමට බාධා පමුණුවන ඒවා විය හැකිය. එවැනි බාධාකාරි කොන්දේසිවලට යටත්ව IMFවලින් ණය ගැනීමට අප සූදානම් නැතැයි අධිපතිවරයා සඳහන් කළේය.

විපක්ෂයේ සමහරු අද IMF වෙත අපට යන්නට කියනවා. ඔවුන් එදා එහි ගොස් අමාරුවේ වැටුණා. ඔවුන් හදන්නේ අපිත් අමාරුවේ දමන්නයි. අපේ රටේ ජාතික ආරක්ෂාව, ජනතා සුබසාධනය, සංවර්ධනය ඇති කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් මේ අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා. ඒවා සාර්ථක කර ගැනීමට අපි කටයුතු කරමින් සිටිනවා. කොවිඩ් – 19 ගෝලීය වසංගතය නිසා රටේ ආර්ථිකයේ දැවැන්ත අභියෝගයක් අපට එල්ලවී තිබෙනවා. එය කෙතරම් අභියෝගාත්මක උවත් ජාතික ආරක්ෂාව පාවාදීමට හෝ ජනතා සුබසාධන ව්‍යාපෘති සඳහා වැය කරන මුදල් කප්පාදුවකට ආණ්ඩුව කිසිසේත්ම සූදානම් නැහැ. ඒ නිසා එවැනි කොන්දේසිවලට යටත්ව IMF වෙත ගොස් ණය මුදල් ලබාගැනීමට කටයුතු නොකොට හැකි තරම් ආර්ථිකයේ වර්ධනයක් ඇති වන ආකාරයේ සුබවාදි ගමනක් කොවිඩ් වසංගතය මැද පවා ඉදිරියට යෑමටයි අපගේ සූදානම. බිඳවැටී ඇති සංචාරක කර්මාන්තය පුබුදුවා ඉහළ ආදායමක් ලැබීම, අපනයන ආදායම වැඩි කර ගැනීම, හැකි තරම් ආනයනය ආදේශන කර්මාන්ත දියුණු කිරීම හරහා එක්සත් ජනපද ඩොලර් දිනාගැනීමයි අපේ ඉලක්කය. ඍජු විදේශ ආයෝජන වැඩිවශයෙන් ආකර්ෂණය කර ගැනීමට හැකි කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වේගවත් කිරීම දේශීය වශයෙන් ශක්තිමත් ආයෝජක පිරිසක් බිහි කිරීම සඳහා අප විවිධ පියවර ගෙන තිබෙනවා. මේවා තුළින් හැකි තරම් රටේ ණය ගෙවීමේ කටයුතු විදේශීය අරමුදල්වලින් මිදී දේශීය ණය වශයෙන් ලබාගෙන කිරීමටයි අපි ඉලක්ක කොට තිබෙන්නේ. අපේ අරමුණ සහ විපක්ෂයේ අරමුණ අතර වෙනස එයයි. ඔවුන් සෑම දේටම IMF වෙත ගියත්, අප එසේ කටයුතු කරන්නේ නැහැ. අධිපතිවරයා කීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීමේදී විශාලම ණයක් ලබාගත්තේ වසර 2008 – 2014 කාලයේය. එවකට ජනාධිපතිවරයා වූ වත්මන් අගමැතිවරයා එදා මුදල් අමැතිවරයායි. එතුමා වෙනුවෙන් රජය නියෝජනය කරමින් IMF සමඟ ණය ලබාගැනීමට වැඩිම දායකත්වයක් ලබාදුන්නේ මමයි. වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතායි. ඒ නිසා අපට IMF වෙත යෑමට බණ කියන පිරිසට වඩා අප ඔවුන් සමඟ කරුණු කතිකාකරගෙන තිබෙනවා. ඒ සියලු අත්දැකීම් යොදාගෙන තමයි අපි මෙවැනි තීරණයකට එළැඹ තිබෙන්නේ. අපේ අරමුණ දැනට පවතින විදේශ ණය 60% දේශීය ණය 40% අනුපාතය ඉක්මනින්ම විදේශීය ණය 50% දේශීය ණය 50% මට්ටමට ගෙන ඒමටයි. ඉදිරියේදී එය විදේශීය ණය 40% සහ දේශීය ණය 60% දක්වා ඉහළ නංවාගැනීමේ දීර්ඝකාලීන අරමුණක් ආණ්ඩුවට තිබෙන බව කිව යුතුයි. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ මංගල අය වැය කතාවෙන් මේ බව ඉතා පැහැදිලිව රටටත් ජනතාවටත් ප්‍රකාශ කළා.

 

No comments

Ads Place