Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උඩවළවේ අලි සොරකම පසුපස දේශපාලකයෙක් සහ මහාචාර්යවරයෙක්

  උඩවළවේ ජාතික වනෝද්‍යානයේ සිටි අලි පැටවකු සොරකම් කිරීමට දැරූ උත්සාහය පසුපස ප්‍රබල දේශපාලකයකු , පශු වෛද්‍ය මහාචාර්යවරයකු සහ නමගිය අලි ජාවාරම...

 



උඩවළවේ ජාතික වනෝද්‍යානයේ සිටි අලි පැටවකු සොරකම් කිරීමට දැරූ උත්සාහය පසුපස ප්‍රබල දේශපාලකයකු , පශු වෛද්‍ය මහාචාර්යවරයකු සහ නමගිය අලි ජාවාරම්කරුවක් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි වනජීවී ආරංචි මාර්ග පවසයි. මේ පිළිබඳ ව සිදු කෙරුණු මූලික විමර්ශණවලදී හෙළි වී ඇති අතර මෙම කණ්ඩායම ඊට සති කිහිපයක ට පෙර සිට මේ සඳහා විවිධ උත්සාහයන් දරා ඇති බවද අනාවරණය වී ඇත.

පසුගිය දා රාත්‍රි උඩවළව පනහඩුව ප්‍රදේශයේ මුර සංචාරය කරමින් සිටි යුධ හමුදා භට පිරිසකට නිර්වින්දනය කොට ගසක ලණුවලින් ගැට ගසා සිටි අලි පැටවකු හමුව ඇති අතර ඒ ආසන්නයේ සිටි සැක සහිත පුද්ගලයන් තිදෙනකු පළා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇත. මෙරට ප්‍රබල තරුණ දේශපාලකයකු අලි පැටවකු ලබා ගැනීම සඳහා කලක පටන් උත්සාහයක යෙදෙන බවට තොරතුරු ලැබී ඇති අතර ඔහු අලියකු පැහැර ගැනීමට උත්සාහ කරන බවට වන ජීවී අංශවලටද මීට ටික දිනකට පෙර තොරතුරු ලැබී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පිරිස අතර නම ගිය අලි ජාවාරම්කරුවකු සිට ඇති බවට වාර්තා වන අතර අලියා නිර්වින්දනයට ලක් කිරීමට අදාළ ඖෂධ තුවක්කුවක් භාවිත කර ඇති බවට තහවුරු වී ඇති අතර මෙම නිර්වින්දන කාර්යය සිදු කිරීමට නිවැරදිව සිදු කිරීමට පළපුරුදු අත්දැකීම් සහිත පශු වෛද්‍යවරයකු ගේ සේවය යොදාගෙන ඇති බවට විශ්වාස කරයි. එම නිර්වින්දන උපකරණ පවතින්නේ වනජීවී දෙපාර්තමේන්තුවේ, ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහ විශ්ව විද්‍යාලයීය පශු වෛද්‍ය පීඨයේ පමණක් බව සඳහන් වේ.ඒ අනුව දැනට පවතින තොරතුරු මත මේ සඳහා පශු වෛද්‍ය මහාචාර්යවරයකු සම්බන්ධ බවට විමර්ශන අංශ සැක පහළ කරන අතර මේ පිළිබඳවද මේ වනවිට විමර්ශන සිදුවෙමින් පවතින බව එම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කලේය.

මෙලෙස සොරකම් කරන ලද අලි පැටවා ඇත් අතුරු සෙවෙණ් හැදී වැඩුනු කලණ නැමති අලියා වන අතර ඇත් අතුරු සෙවණේ සිට මුදා හැරෙන අලින් උපක්‍රමිකව අල්ලා ගැනිම සඳහාද යම් සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේද යන්ක පිළිබඳවද මේ වනවිට විමර්ශකයන්ගේ අවධානය යෙමු ඇතැයි වන ජීවී ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

No comments

Ads Place