Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ විරෝධතාවයට පැමිණි තරුණයෙකුට පොලිසිය පහරදී මරලා-මන්ත්‍රී හේශා

පනාමුර පොලීසිය විසින් හරදීමකින් මියගොස් ඇතපුද්ගලයා ඊයේ දින පැවති උද්ඝෝෂණයට ආ පුද්ගලයෙකු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ...

පනාමුර පොලීසිය විසින් හරදීමකින් මියගොස් ඇතපුද්ගලයා ඊයේ දින පැවති උද්ඝෝෂණයට ආ පුද්ගලයෙකු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ දී ඔහු කියා සිටියේ ඒ හේතුවෙන් ජනතාව පොලීසියට විරෝධය පළ කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි ද ඔහු එහිදී ඉල්ලා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කරන ලද්දේ අදාළ තරුණයා පහර දී මරා දමා ඇතැයි කරන චෝදනාව අසත්‍යයක් බවයි.

එම පුද්ගලයා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බවත් බිරිඳ සහ දරුවන්ට නිතරම පහරදෙන බවට පැමිණිලි ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.

පොලිසියට ඔහුගේ දියණිය විසින් සිදුකරන ලද පැමිණිල්ලක් හේතුවෙන් අතුරුදහන් වී සිටි පුද්ගලයා ඊයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් සිරමැදිරියේ දී තම ඇදුමකින් ගෙල සිරකර ගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ කර තිබූ බවත් එහිදී පොලිසිය විසින් රෝහල් ගත කිරීමට ගෙනයන විටද මොහු මියගොස් ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම මරණය සහ විරෝධතා පෙළපාලිය අතර කිසිදු සම්බන්ධයක් නැතැයි ද ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.

 


 

No comments

Ads Place