Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිෂාඩ්ගේ පක්ෂයම අය - වැයට පක්ෂ වන ලකුණු

 රිෂාඩ්ගේ පක්ෂයම අය - වැයට පක්ෂ වන ලකුණු අය - වැය ඡන්ද විමසීමේදී ඊට පක්ෂව සමගි ජන බලවේගය සමග සිටින පක්ෂයක් ඡන්දය දෙනු ඇතැයි දේශපාලන ආරංචි මා...




 රිෂාඩ්ගේ පක්ෂයම අය - වැයට පක්ෂ වන ලකුණු

අය - වැය ඡන්ද විමසීමේදී ඊට පක්ෂව සමගි ජන බලවේගය සමග සිටින පක්ෂයක් ඡන්දය දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරනවා.


ඒ රිෂාඩ් බදුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය බවටයි එම ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.


තනි තනි මන්ත්‍රීවරු


එම පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනකු සිටින අතර මීට පෙර ඉන් 3 දෙනෙකු ආණ්ඩුවත් සමඟ කීප විටකදීම දුන්නා.


එහි ආරම්භය සිදු වූයේ ඉකුත් ඔක්තෝබර් මාසයේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය විමසූ අවස්ථාවේදී.


ඒ අවස්ථාවේදී පක්ෂ නායක රිෂාඩ් බදුදීන් මහතා හැර අනිකුත් මන්ත්‍රීවරුන් 3 දෙනා ආණ්ඩුවත් සමග ඊට පක්ෂව ඡන්දය දුන්නා.


පක්ෂයක් ලෙස තීන්දුවක


එහෙත් මෙවර අය - වැය ඡන්ද විමසීමේදී තනි තනි මන්ත්‍රීවරු ලෙස නොව පක්ෂයක් ලෙසම ඊට පක්ෂව දෙනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙනවා.


ඒ අනුව එම පක්ෂයේ නායක රිෂාඩ් බදුදීන් මහතාද මෙවර අය - වැයට පක්ෂව ඡන්දය දීමට ඉඩ තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.


රිෂාඩ් බදුදීන් මහතා හා එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අය - වැය ඉදිරිපත් කළ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා සමග එකක් කිට්ටු සබඳතාවයක් බව ප්‍රකට කරුණක්.


මීට දින කිහිපයකට පෙර රිෂාඩ් බදුදීන් මහතා පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරයා ලෙස රට පාලනය කළ කාලය විශේෂ ඇගයීමකට ලක් කරමින් කතා කළ අයුරුද දක්නට ලැබුණා

No comments

Ads Place