Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති කෙනෙක් "චණ්ඩි මල්ලි" හා "වංගෙඩි බණ්ඩාගේ" පුතුගේ නමට අලුත් තැබෑරුම් 5ක් අරින්න යයි

අනුරාධපුර නගරයේ හා ඒ අවට ප්‍රදේශයේ අලූ‍තින් තැබෑරුම් 5ක් විවෘත කිරීමට අනුමැතිය ලබාදීමට රාජ්‍ය අමාත්‍යවරයකු මේ දිනවල වලිකමින් සිටින බව වාර්තා...



අනුරාධපුර නගරයේ හා ඒ අවට ප්‍රදේශයේ අලූ‍තින් තැබෑරුම් 5ක් විවෘත කිරීමට අනුමැතිය ලබාදීමට රාජ්‍ය අමාත්‍යවරයකු මේ දිනවල වලිකමින් සිටින බව වාර්තා වේ.


අදාළ අමාත්‍යවරයාගේ පියාගේ කාලයේදී ද ඔවුන්ගේ ව්‍යාපර බලාකියාගත් "චණ්ඩි මල්ලී" හා "වංගෙඩි බණ්ඩාගේ" පුතා යැයි ප්‍රකට "වයින් උපාලි" යන අයගේ නම්වලට මේ තැබෑරුම් බලපත්‍ර ලබාදීමට සූදානම්වන බව පැවසේ.


මොවුන්ගේ නමට අනුරාධපුරයේ පමණක් නොව රඹෑව සහ හොරොව්පොතාන නගරවල ද තවත් තැබෑරුම් ඇතැයි වාර්තා වේ.


අලුත් තැබෑරුම් පිළිබඳ තොරතුරු එම ප්‍රදේශයේ ප්‍රධාන සංඝනායකයින් කිහිපදෙනෙකුට වාර්තාවීමත් සමඟ තව එක තැබෑරුමක් හෝ විවෘත කළහොත් පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ කිසිම වැඩකට සංඝයාවහන්සේලා සම්බන්ධ නොවන බවට ප්‍රධාන සංඝයාවහන්සේලා කිහිප නමක් එම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ට අනතුරු අඟවා ඇති බවද පැවසේ.

අදාළ අමාත්‍යවරයා වෙනත් අයගේ නම්වලින් තැබෑරුම් පවත්වාගෙන යාමට අමතරව එම පුද්ගලයන් ඔස්සේම නීති විරෝධී ලෙස වතුරු බෝතල් කිරීමේ නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යන අතරේ නීතිවිරෝධී පස් කැපීම් හා කළු ගල් කැඞීම ඇතුළු තවත් වංචනික ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යන බවට ද ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මේ වන විට ඔහු කොළඹ අතිවිශාල නිවසක් ද ඉදිකරමින් සිටින බවද පැවසේ.

අදාළ අමාත්‍යවරයාගේ මාමා කෙනෙක් හිටපු බස්නාහිර පළාත් මන්ත්‍රීවරයකු වන අතර ඔහු ද මෙම රාජ්‍ය අමාත්‍යවරයාගේ හයියෙන් නීති විරෝධී ව්‍යාපාර සිදුකරන බවට පසුගිය දිනක පාර්ලිමෙන්තු පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරු අතර ද කතා බහක් ඇතිව තිබූ බව වාර්තා වේ.

- SriLankaMirror -


No comments

Ads Place