Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අමපාර කොළඹ බස් එක් මගියෙකුට ගාස්තුව 2500යි..

පළාත් අතර දුරගමන් සේවාවන්හි යෙදෙන ඇතැම් බස්රථ අම්පාර සිට කොළඹට එක් මගියෙකුගෙන් රුපියල් 2500ක් අය කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය...

පළාත් අතර දුරගමන් සේවාවන්හි යෙදෙන ඇතැම් බස්රථ අම්පාර සිට කොළඹට එක් මගියෙකුගෙන් රුපියල් 2500ක් අය කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

පලාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක වෙමින් තිබියදී අත්‍යවශ්‍ය සේවා යටතේ ධාවනය කරන ඇතැම් පෞද්ගලික බස්රථ මෙම කටයුත්තේ යෙදී සිටින බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

මෙම කටයුත්ත සඳහා යම් යම් දේශපාලන බලපෑම මෙන්ම ඇතැම් නිලධාරීන්ද සම්බන්ධ බවට දැනගන්නට ඇති බවත් මෙම අවිධිමත් ක්‍රියාමාර්ගය නවත්වා අන්තර් පළාත් බස් ධාවනයට විධිමත් සැලැස්මක් සකස් කරන ලෙසද ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

පළාත් අතර සේවා බස් රථ ධාවනයට ප්‍රවාහන බලධාරීන් කඩිනම් පියවර ගත යුතු බවත් පළාත් අතර බස් රථ ධාවනය නොවීම හේතුවෙන් බස්රථ හිමිකරුවන් සේවකයන් අර්බුදයකටත් මගීන් දැඩි අපහසුතාවයටත් පත්ව ඇතැයිද ඔහු පෙන්වා දේ.

No comments

Ads Place