Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

GMOA කොරෝනා මර්ධන කාර්ය සාධක බලකා කටයුතුවලින් ඉවත් වෙති…

  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA) කොවිඩ් කාර්ය සාධක බලකායේ සක්‍රීය කටයුතුවලින් ඉවත් වූ බව එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් ම...

 


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය(GMOA) කොවිඩ් කාර්ය සාධක බලකායේ සක්‍රීය කටයුතුවලින් ඉවත් වූ බව එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා අද (09) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික, වෛද්‍ය නලින්ද හේරත් මහතා,

එන්නත්කරණය පිළිබඳ අපි වැඩපිළිවෙළක් විශේෂඥයෝ එක්ක සාකච්ඡා කරලා රජයට භාර දුන්නා. අපි භාර දුන්නා යෝජනාවලියේ තිබ්බේ 60න් ඉහළ කණ්ඩායමට එන්නත්කරණයට ප්‍රමුඛතාවය දීලා ඉන් අනතුරුව අනෙකුත් වයස් කණ්ඩයම්වලට එන්න කියන එක. නමුත් ඒක ඒ ආකාරයට සිද්ධ වුණේ නැහැ. අපි දැක්කා විශේෂඥ කණ්ඩායම්, විද්‍යාත්මක ක්‍රමවේද ඉදිරිපත් කරනවා. නමුත් අවසානයේදී ක්‍රියාත්මක වෙනකොට ඊට පටහැනි දේවල් ක්‍රියාත්මක වුණා. ඒ තත්ත්වය වහාම වෙනස් විය යුතුයි. මේක ක්‍රියාත්මක කිරීමේ අවසාන බලතල ලැබිලා තියෙන්නේ කොවිඩ් කාර්ය සාධක බලකායේ ප්‍රධානියා තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ. අපි කොවිඩ් කාර්ය සාධක බලකායේ සක්‍රිය කටයුතුවලින් ලෙස අයින් වෙලා දැන් ගොඩක් කල්. අපි මුල ඉඳලාම නිරීක්ෂණය කළා. ගන්න තාක්ෂණික කමිටු තීරණ නොවේ අවසානයේ ක්‍රියාත්මක වෙන්නේ. අපි මේක මං හිතන්නේ කව්රුත් ප්‍රසිද්ධියේ නොකිව්වට කාටත් පැහැදිලියි මොකද්ද වෙන්නේ කියන එක.

මේ අතර කොවිඩ් තාක්ෂණික කමිටුවෙන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ විශේෂඥ වෙද්‍ය අශෝක ගුණරත්න යන මහත්වරුන් පසුගිය දිනවල ඉවත් විය.

ප්‍රශ්නය –

විශේෂඥ වෛදවරුන්ගේ කාර්යභාරය දේශපාලනඥයින් සිදු කරන්න උත්සාහ කරනවා මේ නිසයි ඔවුන් දිගින් දිගටම ඉවත් වෙන්නේ කියන කාර‍ණේ අපිට එළියට එන්නේ?

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා,

සෞඛ්‍ය අමාත්‍යංශත් එක්තරා අවස්ථාවක පත්වන්නේ ඒ නිර්දේශ ඉදිරිපත් කරන ගොඩටමයි විශේෂඥ උපදෙස් හා තොරතුරු මත අවදානම තක්සේරු කරලා මෙන්න මේකයි තියන අවදානම් තත්ත්වය කියලා ඒ සඳහා ගත හැකි විකල්ප මේවායි කියලා අපි නිර්දේශ කරපුවාම මේ පිළිබඳව තියන වගකිව යුතු සියලුම බලධාරීන් ඒකරාශීවෙලා ගන්නා තීරණ තමයි අන්තිමට ක්‍රියාත්මක වෙන්නේ සමහර වෙලාවට අර නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවීම අද විච්ච දෙයන් නෙවෙයි මීට පෙරත් අතීතයේදීත් අනාගතයේදීත් ඒක සිද්ධවෙන්න පුළුවන්. දේශපාලන මැදිහත්වීම් ගැන කථාවෙනවා නමුත් මේක අද ඊයේ තිබිච්ච දෙයක් නෙවෙයි අපි ඒක සමබර කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හැටියට මේ කටයුත්ත කරනවා. එතනදී පමණ ඉක්මවා යෑමක් ගැන එහෙම හැගීමක් තියනවා නම් මං හිතන්නේ තමුන්නාන්සේලාගේ වගකීම එතුමන්ලා වෙත ගොස් කරුණු ඉදිරිපත් කරලා වරදක් වෙනවා නම් ඒක කටයුතු කරන්න කියලා මං හිතනවා අපිව දිගින් දිගටම ප්‍රශ්න කිරීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

lankacnews

No comments

Ads Place