Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උසස් පෙළ - ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් බාර ගැනීම දීර්ඝ කරයි

 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ පහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කළ බව ...


 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ පහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් කැඳවීමේ අවසන් දිනය සැප්තැම්බර් 15 දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.මෙවර සෑම විභාග අපේක්ෂකයකුම අයැදුම්පත් ඉදිරිපත් කළ යුත්තේ ඔන්ලයින් ක්‍රමවේදයට පමණක් බවද අධ්‍යාපන අමාත්‍යංශය කියයි.


ඒ අනුව ඔන්ලයින් ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ විභාග දෙපාර්තමේන්තුවෙි නිල ජංගම දුරකථනය යෙදවුම වන "DoE"වෙත පිවිස අදාළ උපදෙස් කියවා ඒ අනුවම නිවැරදි ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත්‍ර යොමු කළ යුතු වේ. විභාග සඳහා ඉදිරිපත් වන රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරයාට දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම හා මුරපද භාවිතයෙන් අයදුම් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.


පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අදාල උපදෙස් අනුව මාර්ගගතව අයදුම්පත්‍ර සම්පූර්ණ කළ යුතු වෙයි.ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථා වලදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

lankadeepa

No comments

Ads Place