Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුවන්න ඉන්ධන නෑ… දුඟඳ හමන කසල පිරවූ රථ නගර සභා භූමියේ ගාල් කර තබයි…

  බේරුවල නගර සභාවේ දින කීපයක් තිස්සේ මෙතෙක් විසඳුමක් නැති මේ වන විටත් තිබෙන ඉන්ධන ගැටළුව හේතුවෙන් කසල බැහැර කිරීමට නොහැකි වී මහා මාර්ගයෙන් න...


 බේරුවල නගර සභාවේ දින කීපයක් තිස්සේ මෙතෙක් විසඳුමක් නැති මේ වන විටත් තිබෙන ඉන්ධන ගැටළුව හේතුවෙන් කසල බැහැර කිරීමට නොහැකි වී මහා මාර්ගයෙන් නවතා තිබූ කසළ පිරවූ ට්‍රැක්ටර් රථ වලින් දැඩි දුගඳක් හමා යන බැවින් ඒවා නගර සභා භූමිය ගාල් කිරීමට පියවර ගත් බව බේරුවල නගර සභාවේ සභාපති මසාහිම් මොහොමඩ් මහතා පැවසීය .

මේ අතර බේරුවල නගර සභාව කසල බැහැර කිරීම සිදු කරන මාලිගා හෙන වෙත්තිම රාජපුර කසල අංගනයේ තත්ත්වයඅද 7දින නිරීක්ෂණය කිරීම සඳහා නගර සභාපතිවරයා මාධ්‍යවේදීන්ට ද කළ ආරාධනය මත එහි ගිය අපට දැක ගැනීමට හැකි වූයේ කසල අංගන යෙන් දැඩි දුර්ගන්ධයක් සමග කසල නිසි ලෙස ඉවත් කර පස් දමා වසා දැමීමක් හෝ නොකර දැඩි පාරිසරික හානියක් සිදු වී ඇති ආකාරයයි .

එම කසල අංගනය අසල පදිංචි කාරියක් වූ විවාහක දරුවන් සිව් දෙනෙකුගේ මවක් වන කාන්තාවක් නගරාධිපතිවරයාට චෝදනාත්මක ව කියා සිටියේ මේ ගැටලුව කෙසේ හෝ විසඳා දී තමන් දැඩි දුෂ්කරතාවය මැද ජීවත්වන තත්ත්වයෙන් මුදවා ගන්න ලෙසයි .

මෙහිදී එම කාන්තාව මාධ්‍යවේදීන් ඉදිරියේ කියා සිටියේ ,,ජනාධිපතිතුමා හෝ අප ජීවත් වන තත්ත්වය ගැන සොයා බලා මෙයට විසඳුමක් දෙන ලෙස ආයාචනය කළේය.

මෙහිදී නගරාධිපතිවරයා කියා සිටියේ කසල අංගනයේ කසළ ඉවත් කිරීම් සිදුකරන යන්ත්‍රය කුලී පදනම මත ලබා ලබාගෙන තිබෙන බවත් එම යන්ත්‍රයට ද අදාළ ගෙවීම් කිරීමට නොහැකිවීමෙන් කසල බැහැර කිරීමට සහ ප්‍රවාහනය කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැතිකමින් මේ තත්ත්වයට මුහුණ දී ඇති බවයි. මේ තත්ත්වය කඩිනමින් විසඳා දීමට පළාත් පාන කොමසාරිස්වරයා ඇතුළු බලධාරීන් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවයි.

lankacnews

No comments

Ads Place