Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රත්නපුර රෝහලේ හදිසි තත්ත්වයක් : කොවිඩ් ව්‍යාප්තිය ගැන සමාජ මාධ්‍යයේ පළවූ වීඩියෝව (VIDEO)

  කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමග ආසාදිතයින් වාර්තා වීම වැඩිවීම හේතුවෙන් රාගම රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ඒකකය රෝගීන්ගෙන් ...

 


කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමග ආසාදිතයින් වාර්තා වීම වැඩිවීම හේතුවෙන් රාගම රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ඒකකය රෝගීන්ගෙන් පිරි ගොස් තිබෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යය තුල හුවමාරු වෙමින් තිබෙනවා. එම වීඩියෝව අනුව ආසාදිත රෝගීන්ට ප්‍රමාණවත් ඇදන් නොමැතිවීම හේතුවෙන් ඔවුන් රෝහලේ වාට්ටුව තුල මෙන්ම ඉන් පිටතත් බිම නිදාගෙන සිටින අයුරු දැක්වෙනවා.


මේ සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ගෙන් විමසීමක් කළා.


එහිදී ඔහු කියා සිටියේ මෙම වීඩියෝව කුමන කාලයේදී ගත් එකක් ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමක් සිදුකර නොමැති බවත්, එහි දැක්වෙන්නේ රාගම රෝහලද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලිවම ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති බවයි. නමුත් එම වීඩියෝව තමන් ද දුටු බව ඔහු ප්‍රකාශ කර සිටියා.


" මේ වෙනකොට රටේ කොවිඩ් ව්‍යාප්තිය වගේම ඩෙංගු රෝගයත් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ඒ නිසා රෝගීන්ගේ ඉහළ යාමක් සිදුවනවා. ඒ අවස්ථාවේදී ඇතැම් රෝහල්වල මෙවැනි තත්ත්වයන් ඇතිවෙන්න හැකියාව තිබෙනවා. අපි සෑම දිනකදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැස්වීමක් පවත්වනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අපි මේ සම්බන්ධයෙන් සාකච්ජා කරනවා. ඒ වගේම රෝගීන් ඉහළ යාමත් සමග රෝහල් තුල මෙවැනි තත්ත්වයන් ඇතිවීම වලක්වා ගැනීමට අප අවශ්‍ය කටයුතු සිදුකරනවා" යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටියා.


මේ අතර ඊයේ රාත්‍රියේ සිට රත්නපුර ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට රෝහල් වෛද්‍ය අධිකාරී අනෝජ් රුද්‍රිගෝ පියවර ගෙන තිබෙනවා. ඒ එම රෝහලට ඇතුළත් කරන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑමත් සමග බවයි අප නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.


මේ සම්බන්ධව කළ විමසීමකදී රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේ කොරෝනා ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීම පුළුල් කර ඇති බවත්, සෙසු වෛද්‍ය ප්‍රතිකාර අංශ කිහිපයකට සීමා කිරීමට සිදුකර ඇති බවයි.


රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩ් සත්කාර ඒකකයේ ඇඳන් 04ම කොරෝනා රෝගීන් ගෙන් පිරි ඇති බවත් තවත් දැඩි සත්කාර ඇදන් කිහිපයක් ඉක්මනින් එක්කිරීමට කටයුතු කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.


මේ වන විට රත්නපුර ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකයේ ධාරිතාවය ද උපරිම මට්ටමේ පවතින අතර කහවත්ත මුලික රෝහලේ කොරොනා ප්‍රතිකාර ඒකකයේ ඇදන් 50 ද රෝගින්ගෙන් පිරි ඇතැයි වාර්තා වේ.   


රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම කොරොනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ද රෝගි ධාරිතාවය උපරිමයට ළගාවි ඇති බව සඳහන්.


මේ අතර රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව සඳහන්.

VIDEO

nethynews

No comments

Ads Place