Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අක්කා කොරෝනා සුව වී ගෙදර එද්දී මල්ලී දොර වහයි

 කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා නිවසට ආ හැත්තෑ හතර හැවිරිදි මවක දින තුනක් තිස්සේ නිවසේ අගුවේ කල් ගත කරන පුවතක් පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙය...


 කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා නිවසට ආ හැත්තෑ හතර හැවිරිදි මවක දින තුනක් තිස්සේ නිවසේ අගුවේ කල් ගත කරන පුවතක් පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


නිවසේ වෙසෙන තම සහෝදරයා තම එකම බැඩවැල කඩාගෙන ආ සහෝදරිය මෙසේ නිවස තුළට නොගැනීම නිසා අසල්වාසීන්ගේ උපකාරයෙන් දිවි රැකගෙන මින් සිටින්නේ පල්ලෙවෙල නුංගමුවේ එක් දරු මවකි.


ඇය දිගු කලක් තිස්සේ සිය සහෝදරයා සමඟ මෙම නිවසේ පදිංචිව සිට ඇති අතර පසුගිය දිනක රෝගාතුර වීම හේතුවෙන් මීරිගම රෝහලට ඇතුළත් කළේය.


එහිදී ඇය කොරෝනා වෛරසය ආසාදිත බව හෙළි වීමෙන් පසු වැල්ලවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර කළේය.


එහි දස දිනක් ප්‍රතිකාර ලැබූ ඇය 21 රාත්‍රියේ ඇගේ නිවසට ඇරලවා තිබේ.


ඒ අවස්ථාවේ සිට නිවසේ වෙසෙන සිය සහෝදරයා තමන්ට නිවසේ දොරගුළු විවෘත නොකළ නිසා තමන් ඉස්තෝප්පුවටවී අව් වැසි ආදියෙන් පීඩාවට පත්වෙමින් කල්ගත කරන බවත් අසල්වාසීන්ගෙන් ලැබෙන ආහාර පානයෙන් දිවි රැක ගන්නා බවත් ඇය හඬමින් කීවාය.


එමෙන්ම තමන් වැල්ලවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී හැඳ සිටි ඇඳුම් මෙන්ම තවමත් කල් ගත කරන බව කියන ඇය ඇගේ ඇඳුමක් ලබා ගැනීමට ඇගේ කාමරයට යාමට හෝ සහෝදරයා අවස්ථාව ලබා නොදී ඇතැයි හඬමින් පැවසුවාය.


තමන්ගේ දියණිය කණ්ඩලම ප්‍රදේශයේ නිවසක බෝඩිං වී රැකියාව කරන හෙයින් ඇය සිටින ස්ථානයට යාමට පවා තමන්ට හැකියාවක් නැතැයිද එසේ යාමට තමන්ගේ ඇඳුම් කැඩුම් ආදිය ලබා ගැනීමට සහෝදරයා නිවසේ දොර විවෘත නොකිරීම මහත් ගැටලුවක් බව ඇය පැවසුවාය.


ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා දහවල් පැමිණ කාන්තාවට සුපුරුදු පරිදි නිවසේ දිවි ගෙවීමට අවස්ථාව සලසා දෙන ලෙස ඇගේ සහෝදරයාට උපදෙස් දී ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බව අසල්වාසීන්ගෙන් දැන ගන්නට ලැබිණි .

lankadeepa

No comments

Ads Place