Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවේ අවුරුද්ද සමරන්න බැසිල් අමුතු තැනකට.. ඩොලර් අර්බුදය විසදන බවත් කියයි…

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ ජයග්‍රහණයෙන් වසරක් සපිරෙන අද දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රත්මලාන ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ උත්සව...


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ ජයග්‍රහණයෙන් වසරක් සපිරෙන අද දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රත්මලාන ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ උත්සවයකට සහ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

සුලභව භාවිතා කරන ඖෂධ 2ක් වන තයිරොක්සින් සහ ට්‍රැමඩොල් ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ නිපදවා එළිදැක්වීම අද දින සිදු වූ අතර රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ඖෂධ ද්විත්වය බැසිල් රාජපක්ෂ මහතාට පිරිනැමීය.

දේශප්‍රේමී රජයක් බිහි කිරීමට මග පෑදූ බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන තීරණ මෙහිදී විශේෂ ඇගයීමකට ලක් වූ අතර ඒ සංඛේතවත් කරමින් විශේෂ සමරු තිළිණයක්ද ලබා දෙනු ලැබිණි.

ඖෂධ නිෂ්පාදන හා සැපයුම් රාජ්‍ය අමාත්‍යංශයේ කටයුතු ඇගයීමට ලක් කල බැසිල් රාජපක්ෂ මහතා ඩොලර් අර්බුධය තාවකාලික එකක් බවත් සති කිහිපයකින් එය විසදන බවත් පැවසීය.

ඖෂධ නිෂ්පාදන කටයුතු නිරීක්ෂණය කිරීමට එක්වූ බැසිල් රාජපක්ෂ මහතා පැය කිහිපයක් එහි අංශයෙන් අංශයට යමින් තොරතුරු විමසීය.

රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

lankacnews

No comments

Ads Place